පට්ටිපොලදී දුම්රියෙන් වැටුණු සංචාරකයා මියයයි

458


කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගමන් ගත් ඊජිප්තු ජාතික සංචාරකයෙකු පට්ටිපොල දුම්රිය ස්ථානය ආසන්නයේදි දුම්රියෙන් වැටි බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කිරිමෙන් අනතුරුව මියගොස් ඇති බව පට්ටපොල පොලිසිය පවසයි.මෙසේ මියගොස් ඇත්තේ අහමඩ් මොහොමඩ් අබ්දුල් හමිඩ් නැමැති 32 හැවිරිදි සංචාරකයෙකි.

මෙම ඊජිප්තු ජාතික සංචාරකයා මිට සතියකට ප්‍රථම දිවයිනේ සංචාරයක් සදහා පැමිණ ඇල්ල දුම්රිය ස්ථානය දක්වා උඩරට මැණිකේ දුම්රියේ ගමන් කරමින් සිටියදි 16 වැනිදා පට්ටිපොල දුම්රිය ස්ථානය අසලදි පාපුවරුවෙන් වැටි බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය මහ රෝහලට ඇතුළත් කර තිබුණි.

පසුව ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමට ඔහුගේ මිතුරන් පියවර ගෙන ඇත.එම රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment