පඩික්කමේ පරිප්පු හොදි දමා කන්න දීලා!

1224

සිරියාවතී විශ‍්‍රාමික පාසල් ගුරුවරියකි. ඇගේ සැමියා විදුහල්පතිවරයකු ලෙස කටයුතු කර විශ‍්‍රාම ලැබ සිටියදී මියගියේ මීට වසර කිහිපයකට පෙරාතුවය. පරම්පරාවෙන් උරුම වූ ඉඩකඩම්වලට ූඋරුමකම් කී මේ දෙපළට දාව උපන් එකම දියණිය විවාහ වී බටහිර රටක පදිංචියට ගියේ වසර දෙකකට පෙරය.

සිරියාවතී ගුරු මව ගේදොර ඉඩකඩම් බලා කියාගෙන කටයුතු කළේ පරණ ලෝබකම් ද සමගිනි.

ඇය ගමේ කොල්ලො කුරුට්ටෝ ටිකත් නිවසට කැඳවා ගත්තේ පරණ කුස්සි කෑල්ලක් කඩා බිඳ දැමීමටය.

අහළ පහළ ගැහැනු දෙතුන් දෙනෙක් ද ගුරු මවගේ නිවසට ආවේ වැඩ කරන තරුණ පිරිසට දවල් කෑම වේල උයා පිහා දීමටය.

පෙරවරු එකොළහට පමණ තේ පැන් සංග‍්‍රහයක් ලැබුණේ ඔය අතරය.

‘‘දරුවනේ…. පාන් කෑල්ලක් කාලා තේ එකක් බොමු.’’ ගුරු මාතාව ආවේ පරිප්පු පිරවූ භාජනයක් සමගිනි.

පාන් කන්න පිඟන් ලැබිණි. පාන් ද ලැබිණි. පොල් සම්බලය පිඟන්වලට බෙදා ගෙන ගියේ ද ගුරු මාතාවය.

‘‘කෝ ඉස්කෝලේ හාමිනේ පරිප්පු’’ පරිප්පු හොද්ද හොයපු තරුණයෙක් ඇසුවේ පරිප්පු අඩංගු භාජනය හොය හොයා බැරිම තැනය.

‘‘ඔය තියෙන්නෙ ළමයෝ. ගුරු මාතාව පරිප්පු භාජනය අතට ගත්තාය.

‘‘ ඕක පඩික්කමක්නෙ, ස්කෝලෙ හාමිනේ’’

‘‘නෑ නෑ මේක අලූත් පඩික්කමක්. පරිප්පු හොද්ද මේකට දාගත්තෙ ලොකු භාජනයක් නැති නිසා’’ වැඩකර වෙහෙස වී සිටි තරුණ පිරිස පඩික්කමේ දමා තිබූ පරිප්පු හොද්ද දැක අතේ තිබූ පාන් කෑල්ල ද විසිකර දැම්මේ හත්වලාමේ පෙරේතකම කියමිනි.

  • පේ‍්‍රම්
advertistmentadvertistment
advertistmentadvertistment