පඩි මදි යැයි වාඩියෙන් පැනයෑමට හැදූ ධීවරයාට සිහි නැතිවන තුරුම පහරදීලා

70

පහරදුන් ව්‍යාපාරිකයා නිදැල්ලේ….

මුලතිව්, කෝකිලායි කරුණාත්තකේණී ධීවර වාඩියකින් පැනයෑමට උත්සාහ කළ ධීවරයකු අල්ලා ගත් ධීවර වාඩියේ හිමිකරු ඔහුව මාළු දැලකින් ඔතා දැඩි අව්වේ තබා සිහිසුන් වන තුරු පෙරේදා (15 දා) පහර දී තිබේ.

දකුණේ ව්‍යාපාරිකයෙකු විසින් පවත්වා ගෙන යන මෙම ධීවර වාඩියට මඩකලපුවේ සිට දෙමළ ජාතික ධීවර කාර්මිකයෙකු පැමිණ ඇති අතර මේ දිනවල ධීවර කටයුතු අඩාල වී ඇති බව කියමින් ඔහුට ව්‍යාපාරිකයා විසින් ගෙවා ඇත්තේ අඩු වැටුපකි.

එම වැටුපට සේවය කළ නොහැකි බව කියමින් ධීවර කාර්මිකයා අයිතිකරුට ප්‍රකාශකොට ආපසු මඩකලපුව බලා යෑමට උත්සාහ කළ අවස්ථාවේදී ව්‍යාපාරිකයා හා ඔහුගේ

ගෝලයන් විසින් ධීවර කාර්මිකයාව ගස් බැඳ පහර දී තිබේ.

මේ සම්බන්ධයෙන් පළාතේ ප්‍රාදේශීය ලේකම්වරයාට තොරතුරු ලැබීමෙන් පසුව ඔහු ඒ පිළිබදව පොලිසියට දැණුම් දී තිබේ. කෙසේ වෙතත් ධීවර කාර්මිකයා නිදහස් වී ඇතත් ව්‍යාපාරිකයාට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති බව කෝකිලායී ධීවර සංගමය කියා සිටී.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment