පණුවන් බෝවීමෙන් මුං අක්කර නවදහසක් විනාශයි…. කණකර විකුණලා තෙල් ගැහුවත් වැඩක් වුණේ නැහැ; බලධාරීන් කිසිම කෘෂි රසායනයක් හඳුන්වා දුන්නේ නෑ…

276

තිස්සමහාරාම, ලූණුගම්වෙහෙර, කිරිඳිඔය ඇතුළු ප‍්‍රදේශ රැසක ගොවීහු කියති

තිස්සමහාරාම, ලූණුගම්වෙහෙර, කිරිඳිඔය ඇතුළු ප‍්‍රදේශ රැසක කුඹුරු අක්කර නවදහසක අතිරේක වගාවක් ලෙස මුංඇට වගාකර තිබේ. මෙලෙස වගා කර ඇති මුං වගාව පණුවන් වර්ගයක් බෝවීමෙන් විනාශ වෙමින් පවතී. මෙලෙස තමන් විසින් වගා කරන ලද මුංවගාවට පණුවන් බෝවීම නිසා ගොවීහු මහත් අපහසුතාවට පත්වී සිටිති.

මෙම පණු විශේෂය හේතුවෙන් බෙරදිහෙළ, රන්මිණිතැන්න, යෝධකණ්ඩිය, මාගම ආදී ගම්මානවලද වගා කර ඇති මුං වගාවටත් පණුවන් බෝවී තිබේ.

පණුවන් බෝවීමෙන් මුං අක්කර නවදහසක් විනාශයි.... කණකර විකුණලා තෙල් ගැහුවත් වැඩක් වුණේ නැහැ; බලධාරීන් කිසිම කෘෂි රසායනයක් හඳුන්වා දුන්නේ නෑ...
පණුවෙක්

මෙම මුං වගාවේ මල්, පත‍්‍ර සහ කරල් හට ගන්නා අවස්ථාවේදී සලබයකු මගින් පැතිර යන මෙම පණු විශේෂය නිසා සිය වගාවන් දිගින් දිගටම විනාශ වෙමින් පවතින බව ඔහුු සඳහන් කරති.

එහෙත් මෙම පණු හානිය වළක්වා ගැනීම සඳහා නිලධාරීන් විසින් කෘෂි රසායනයක් හෝ ජෛව කෘමි නාශකයක් මෙතෙක් හඳුන්වා දී නැතැයි ඔවුහු පවසති.

පණුවන් බෝවීමෙන් මුං අක්කර නවදහසක් විනාශයි.... කණකර විකුණලා තෙල් ගැහුවත් වැඩක් වුණේ නැහැ; බලධාරීන් කිසිම කෘෂි රසායනයක් හඳුන්වා දුන්නේ නෑ...

ගොවීන්ගේ දැනුම අනුව වෙළෙඳ පොළෙන් ලබාගත් රසායනික ද්‍රව්‍ය ගැහුවද මෙම පණු උවදුර නතර කර ගැනීමට ඔවුන්ට හැකි වී නැත.

මේ පිළිබඳ ප‍්‍රදේශයේ ගොවීන් මෙසේ පැවසූහ.

රු. 220 ට තිබූ තෙල් පැකට් එක අද රු. 500 දක්වා වැඩිවෙලා. අපි ගෙදර තිබුණ අත කණකර විකුණලා තමයි තෙල් ගැහුවේ. ඒත් පළක් වුණේ නැහැ. මාධ්‍යවලින් බලධාරීන් මොනවා කිව්වත් බිම් මට්ටමින් ඒවා කි‍්‍රයාත්මක වන්නේ නැහැ.

රටටම වගකියන කෘෂිකර්ම ඇමැතිවරයෙක් ඉන්නවා. ඇයි මෙහෙම දේවල් වෙනකම් බලා ඉන්නේ. අද වෙනකම් මොවුන් මේ පිළිබඳව සොයා බලා නැහැ.

කෘෂිකර්ම නිලධාරීන් ඉන්නවා. ඔවුන් ඇවිල්ලා බලලා යනවා විතරයි. ඒ මහත්වරුන්ටත් කරන්න දෙයක් නැහැ. අද අපිට වෙලා තියෙන්නේ වහ කන්නයි.

නැත්නම් වගාව අත්හරින්න වෙනවා. වගාව අතහැරියොත් අපේ ගොවි බිම් බහුජාතික සමාගම්වලට විකුණලා දාවි.

ඒ නිසා අපි වගකිවයුත්තන්ගෙන් ඉල්ලන්නේ හැකි ඉක්මණින් මේ ගැන සොයා බලා අපේ මුං වගාව ආරක්ෂා කරල දෙන්න කියලයි.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment