පතිවත රැකගෙන මාරයාට බිලිවූ මහරගම ධම්මිකා… අනේ අම්මේ කතා කරන්නකෝ… මහ රෑ සිඟිති පුතා හඬමින් කෑ ගහලා…

856

තරුණිය කෑ ගැසීමට යද්දී මුගුරකින් හිසට පහර දුන්නා නඩු දොළහක් ඇති සැකකරුගෙන් පාපොච්චාරණයක්

මහරගම පොලිසියෙන් වික‍්‍රමයක්…. ඝාතකයා දින තුනක් තුළදී කොටු


කොරෝනා වසංගතය නිසා නිරෝධායන නීතිය පනවා තිබියදී කුඩා බෝඩිං කාමරයක ජීවත් වූ පවුලක එක්දරු මවක් සාහසික ලෙස ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 23ක් වන වඩුවලාගේ ධම්මිකා ප‍්‍රියදර්ශනී නමැති එක් දරු මවකි. මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයා (25) වැනි වියේ පසුවන එල්. කේ. චතුරංග පෙරේරා නමැති වෘත්තියෙන් පෙදරේරුවකි. සිව් හැවිරිදි දරුවා පෙර පාසල් යන වයසේ පසුවන එල්. තෙහාන් අදීශ බවත් පොලීසිය පැවසීය.

මෙම යුවළ සහ දරුවා පන්නිපිටිය ප‍්‍රගති මාවතේ පදිංචිව සිට ඇති බවත් පසුව මෙම බෝඩිං කාමරය වෙත මාස දෙකකට පමණ ඉහතදී පැමිණ තිබේ. මියගිය කාන්තාවගේ

පතිවත රැකගෙන මාරයාට බිලිවූ මහරගම ධම්මිකා...  අනේ අම්මේ කතා කරන්නකෝ... මහ රෑ සිඟිති පුතා හඬමින් කෑ ගහලා...

ස්වාමි පුරුෂයා ඉකුත් 24 වැනිදා වැඩක් කිරීමට පන්නිපිටිය ගොස් තිබේ. මියගිය කාන්තාව සහ කුඩා දරුවා පමණක් මෙම කාමරයේ සිට ඇති බවත් එම නිසා මෙම මරණය පිළිබඳව තමන්ට සැකයක් ඇති බව ස්වාමිපුරුෂයා විසින් මහරගම පොලිසියට සිදු කළ පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කළ බව පොලිසිය පැවසීය. මෙම ඝාතනය සම්බන්ධයෙන් බෝඩිං කාමරවල පදිංචිව සිටින පුද්ගලයන් හා අවට නිවැසියන් කිහිප කිහිපදෙනකු කැඳවා සටහන් කරගත් ප‍්‍රකාශ අනුව විමර්ශන සිදු කරමින් සිටියදී යාබද බෝඩිං කාමරයේ පදිංචිව සිටින යුවළක් කැඳවා දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමේදී ඝාතනයේ සුලමුල අනාවරණය කර ගැනීමට හැකි වූ බවද පොලිසිය පැවැසීය. ඉකුත් 24 වන දින අලූයම 01.15 පමණ යාබද බෝඩිං කාමරයේ පදිංචිව සිටින කාන්තාව ශරීර අවශ්‍යතාවක් සඳහා වැසිකිළියට යෑමට නිවසේ දොර විවෘත කිරීමේදී එම ශබ්දය තමන්ට ඇසුණු බවත් තරුණිය වැසිකිළියට ගොස් නැවත පැමිණීමේදී එම ස්ථානයේ පැවති ඝන අන්ධකාරයක් සමග තමා කාන්තාව වැළඳගෙන අතවරයක් කිරීමට සූදානම්වූ බව සැකකරු පොලිසියට පවසා තිබේ. එම අවස්ථාවේදී කාන්තාව එයට විරෝධය පා තමන්ව තල්ලූ කර දැමූ බවත් ඉන්පසුව නැවත නැගිට තරුණිය අල්ලා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ ඇය බිම ඇද වැටුණු බවත් එවිට ඇය උස් හඬින් කෑ ගැසීමට උත්සාහ කිරීමේදී ඒ අසල තිබූ ඉදල් මිටක් වැනි මුගුරකින් හිසට පහරදුන් බවත් සැකකරු පොලිසියට පවසා තිබේ. කාලයක සිට මෙම කාන්තාවගේ ඇසුර ලබා ගැනීමට තමන් කැමැත්තෙන් සිටි බවත් සැකකරු පාපොච්චාරණය කළ බවද පොලිසිය පවසයි.

පහරකෑමට ලක්වූ තරුණිය සිහිමුර්ජා වී සිටි බැවින් උස්සා ගෙන රැගෙනවිත් ඇය සිටින බෝඩිං කාමරේ ඇඳ මතට දැමූ බවත් එවිට එහි නිදා සිටි කුඩා දරුවා අවදිව මහ හඬින් අඬන්නට ගත් බවත් ඔහු පවසා තිබේ. එහිදී බියට පත්වී කාමරයෙන් පිටතට පැමිණ තමන් පදිංචිව සිටින බෝඩිං කාමරයට පැමිණ බිරිඳට වත් නොඇසෙන පරිදි නැවත
 නිදාගැනීමට ගිය බව පොලිසියට පවසා ඇත.

පතිවත රැකගෙන මාරයාට බිලිවූ මහරගම ධම්මිකා...  අනේ අම්මේ කතා කරන්නකෝ... මහ රෑ සිඟිති පුතා හඬමින් කෑ ගහලා...

ඉන් පසුව දරුවාගේ හැඬීමේ ඒ ශබ්දය අසල්වැසි නිවසේ පාඩම් කරමින් සිටි දියණියකට ඇසීමත් සමග ඇය මේ පිළිබඳව එම නිවසේ මවට සහ පියාට දන්වා තිබේ. එම යුවළ මෙම බෝඩිං කාමරය දෙසට පැමිණ එබිකම් කර බැලීමේදී දරුවාගේ හැඞීමේ ශබ්දය නොනවතින බැවින් අසල්වාසීන් කිහිප දෙනෙකුටද කතා කොට කාමරය තුළට ගොස් පරීක්ෂා කර බැලීමේදී තරුණිය ඇඳ මත ලේ පෙරාගෙන වැටි සිටින ආකාරය දුටු ප‍්‍රදේශවාසීන් මේ පිළිබඳව ඇයගේ ස්වාමිපුරුෂයාට දුරකතනයෙන් කතා කොට දන්වා තිබේ. එසේ දැන්වීමෙන් අනතුරුව ඔහු ඥාතියකු සමග පැමිණ ප‍්‍රතිකාර ලබාදීම සඳහා කාන්තාව ත‍්‍රීරෝද රථයකින් කළුබෝවිල රෝහලට රැුගෙන ගොස් තිබේ. එහිදී කාන්තාවගේ තත්ත්වය බරපතළ බැවින් වෛද්‍යවරුන් විසින් පවසා ඇත්තේ වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහල වෙත ඇය මාරුකර යවන බවය.

කාන්තාව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තත්ත්වය බරපතළ බැවින් දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කර ප‍්‍රතිකාර ලබා දී ඇති බවත් තරුණිය (29* වන දින උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලීසිය පැවසීය. ස්ථානික පරීක්ෂණය නුගේගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත‍්‍රාත් පී. මංචනායක මහතා පැවැත්වීමෙන් අනතුරුව ඔහුගේ නියෝග පරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. මාලිගාකන්ද අධිකරණයේ මහෙස්ත‍්‍රාත් තනූජා විජේතුංග මහත්මිය වෙත සිද්ධිය වාර්තා කිරීමෙන් අනතුරුව ලැබුණු නියෝග මත කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත මරණ පරීක්ෂණය කිරීම සඳහා බාරදී තිබේ. එහිදී කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්. එන්. රාහුල් හක් මහතා විසින් මෙම මරණය මොට ආයුධයකින් හෝ දණ්ඩක් වැනි දෙයකින් හිසට පහර දීමෙන් සිදුවූ තුවාල මත සිදුව ඇති බවට නිගමනය කර තිබේ. 38 වැනි වියේ පසුවන විවාහක සැකකරු පල්ලම පාර, ආඬිගම ලිපිනයේ පදිංචි කුලී වැඩ කරන්නෙකු බවත් සැකකරු මීට පෙරද අවස්ථා ගණනාවක දීම නිවාසයන්ට හොර රහසේ ඇතුළු වීම සම්බන්ධයෙන් අයුතු ඇතුල්වීම නඩු 12ක් පවතින බවත් පොලිසිය පවසයි.

පතිවත රැකගෙන මාරයාට බිලිවූ මහරගම ධම්මිකා...  අනේ අම්මේ කතා කරන්නකෝ... මහ රෑ සිඟිති පුතා හඬමින් කෑ ගහලා...
මහරගම පොලිස්  ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රන්ජන් එදිරිසිංහ

මෙම මරණය අබිරහසක් ලෙස යටපත් වීමට දින තුනක් වැනි කෙටි කාලයකදී සොයාගැනීමට හැකිවීම පිළිබඳව මහරගම පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයාට ඇතුළු පොලිසියේ නිලධාරීන්ට ප‍්‍රශංසා කරන බවද ප‍්‍රදේශවාසීහු පැවසූහ. සැකකරු (01* දින ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මස 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණයේ මහෙස්ත‍්‍රාත් ප‍්‍රසන්න ද අල්විස් මහතා නියෝග ලබා දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කටුපිටිය, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ, නුගේගොඩ කොට්ඨාස කලාප අංක 04 භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කුමාර වීරසිංහ යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය මත මහරගම පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රංජන් එදිරිසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ වැඩබලන ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රසික මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් (43672* සුරංජිත්, (55871* ගාමිණි, කාන්තා පොලිස් සැරයන් (5497* දීපානි, පොලිස් කොස්තාපල් (84742* ලක්ෂාන්, (92521* සමරසිංහ, (86221* වීරසිංහ යන නිලධාරීන් විසින් පරීක්ෂණ පවත්වනු ලබයි.

එස්. ඞී. අබේසිංහ – මහරගම

advertistmentadvertistment
advertistmentadvertistment