පදක්කම් දිනීමට සමත් සමන් නුසුදුසු වුණේ මන්දැයි ප‍්‍රශ්නය ඇමැති හමුවටත් ගිහින්

314

සමන් අබේවික‍්‍රම

ශී‍්‍ර ලංකා බර ඉසිලීමේ සුපිරි සංචිතයට අයත් කී‍්‍රඩකයන් 13 දෙනා අතරේ වසරකට ආසන්න කාලයක් පුහුණුවීම්වල නිරතව සිටි කිලෝග‍්‍රෑම් 102 බර පන්තියේ වාර්තාලාභී කී‍්‍රඩක සමන් අබේවික‍්‍රම උස්බෙකිස්තානයේ ටෂ්කෙන්ට් අගනුවරදී දැන් කි‍්‍රයාත්මක වන ලෝක ශුරතා බර ඉසිලීමේ තරගාවලිය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියෙන් අත්තනෝමතික ආකාරයෙන් ඉවත් කර ඇතැයි ‘දිවයින’ට වාර්තා වේ.

සමන් අබේවික‍්‍රම ඉහත සඳහන් තරගාවලි සඳහා අදාළ සුදුසුකම් සපුරා තිබුණ ද එම නිර්ණායකයන් සහ පරිසාධන මට්ටම් ද නොසලකා හරිමින් ඔහුව තරගාවලිවලට එක් කර නොගැනීමට අදාළ බලධාරීන් කටයුතු කර ඇති බව ද වාර්තා වේ.

බර ඉසිලීමේ ලෝක ශූරතා තරගාවලිය අද (07 දා) ආරම්භ වූ අතර ඒ සඳහා සහභාගි වන ශී‍්‍ර ලංකා බර ඉසිලීමේ කණ්ඩායම පසුගිය සිකුරාදා දිවයිනෙන් පිටත්ව ගිය ද සමන් අබේවික‍්‍රම එම පිරිස සමග තරගාවලියට එක් කර නොගැනීමට කටයුතු කර තිබිණි.

අදාළ තරගාවලියට අවසන් කී‍්‍රඩකයන් 21 දෙනාගේ සංචිතය අතර ද සමන් අබේවික‍්‍රමගේ නම සටහන්ව තිබූ අතර සංචාරය සඳහා අවශ්‍ය යැයි කියමින් සමන්ගේ

ගමන් බලපත‍්‍රය පවා බලධාරීන් ඉල්ලා ගෙන තිබුණේ සමන්ට බලාපොරොත්තු ලබා දෙමිනි. එහෙත් අනපේක්ෂිත ලෙස තමන්ව මෙම සංචාරයට එක් කර නොගැනීම පිළිබඳව සමන් සිය දුක්ගැනවිල්ල

පසුගිය බ‍්‍රහස්පතින්දා කී‍්‍රඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා හමු වී ප‍්‍රකාශ කර තිබූ අතර එහිදී ඇමැති නියමය වූයේ සමන්ව තරගාවලියට එක් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

එහෙත් තරගාවලියට ශී‍්‍ර ලංකාවෙන් සහභාගි කරවන අවසන් කී‍්‍රඩක ලැයිස්තුව ඒ වනවිටත් අදාළ අංශ විසින් තරග සංවිධායක කමිටුවට දැනුම් දී තිබූ හෙයින් සමන්ගේ නම තරගාවලියට එක් කිරීමට නොහැකි විය.

ඒ අනුව සමන් අබේවික‍්‍රමගේ ගැටලූවට ඇමැතිවරයාට ද විසඳුම් දෙන්නට නොහැකි වූ අතර සමන්ගේ පුහුණුකරු නාලක නිශාන්ත අතුකෝරළ මහතා පැවසුවේ සමන්ට මේ ආකාරයෙන්ම 2019 සාෆ් කී‍්‍රඩා උළෙලට ද සහභාගි වීමට නොහැකි වූ බවයි.

2019 සාෆ් කී‍්‍රඩා උළෙලට අවශ්‍ය කරන සුදුසුකම් ඕනෑවටත් වඩා සම්පූර්ණ කරමින් එම වසරේ කිලෝග‍්‍රෑම් 102 බර පන්තියේ ශී‍්‍ර ලංකා වාර්තාව ද පිහිටුවා තිබූ සමන්ට මෙවර මෙන්ම එවරද මුහුණ දීමට සිදු වුණේ අදාළ අත්තනෝමතික තෝරා ගැනීමේ පටිපාටියේ කතුරට ගොදුරු වීම බව සමන්ගේ පුහුණුකරු නාලක නිශාන්ත අතුකෝරළ මහතා පැවසීය.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය හා ලෝක ශුරතා බර ඉසිලීමේ තරගාවලියට සමන්ව තෝරා ගැනීමට අදාළ තේරීම් තරගයක් ශී‍්‍ර ලංකා බර ඉසිලීම් සංගමයේ සභාපති, ලේකම් සහ තේරීම් කමිටුව ඉදිරියේ පසුගිය අගෝස්තු 08 වැනිදා පවත්වා ඇති අතර එම තරගයෙන් ද ජය ගැනීමට සමන් සමත් වූ බව පුහුණුකරු අතුකෝරළ මහතා පවසා සිටියේය.

අතුකෝරළ මහතා පවසන්නේ සමන් ඒ වෙනුවෙන් කිලෝග‍්‍රෑම් 102 බර පන්තියෙන් නොව කිලෝග‍්‍රෑම් 109 බර පන්තියෙන් ද සිය සුදුසුකම් සම්පූර්ණ කළ බවයි. මෙවර තරගාවලියට සමන් ඉදිරිපත් වූවේ නම් ඔහු එහිදී අනිවාර්යයෙන් පදක්කමක් ජයගනනා බවත් තරගාවලියට සහභාගි වන කී‍්‍රඩකයන් අතරේ සමන්ගේ

දක්ෂතාව අදාළ බර පන්තිය යටතේ හොඳම දෙවැනි දක්ෂතාව එනම් රිදී පදක්කමක් කරා සමන්ට යෑමට හැකි බවත්ය.

රට වෙනුවෙන් දස්කම් දැක්වීමට සමත් සමන් වැනි දක්ෂතා සපිරි කී‍්‍රඩකයන් අදාළ තරගාවලි සඳහා ඉදිරිපත් නොකරන්නේ කවර බලපෑම් මත ද යන්න සිතා ගැනීමට නොහැකි බවත් ඒ කෙසේ වෙතත් මෙවැනි අසාධාරණ කි‍්‍රයාවලින් සිදු වෙන්නේ දක්ෂතා සපිරි කී‍්‍රඩකයන් ශී‍්‍ර ලංකාවට අහිමි වීම මෙන්ම එම දක්ෂතාවලින් ශී‍්‍ර ලංාවට නිසි ප‍්‍රයෝජනයක් නොලැබී යෑම බවත් අතුකෝරළ මහතා පවසා සිටී.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment