පදක්කම් දිනූ උතුරේ ශූරයන් පිළිගැනේ

169

ඉන්දියාවේ කාශ්මීරයේදී පැවැති ජාත්‍යන්තර මිශ්‍ර බොක්සිං තරගාවලියේදී උතුරු පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 5 ක් හා රිදී පදක්කම් 2 ක් ලබාගෙන ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ගෙන දුන්නේය.

මෙම බොක්සිං තරගාවලියේදී ශ්‍රී ලංකාවට දෙවන ස්ථානයත් ඉන්දියාවට පළමු ස්ථානයත් හිමි වූයේය.

උතුරු පළාතෙන් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොක්සිං පුහුණුකරු එම්. එස්. නන්දකුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම තරගාවලියට සහභාගී වූ අතර ඔවුන් ආපසු වවුනියාවට පැමිණීමෙන් පසුව ඔවුන්ව පිළිගැනීම සඳහාත් ඔවුන්ට ආශිර්වාද කිරීම සඳහාත් විශේෂ උත්සවයක් වවුනියාවේ කන්දසාමි කෝවිලේදී පැවැත්වුණි.

එම තරඟාවලියේදී සංමුගනාදන් සංජයන්, දස්සනමූර්ති මහීෂා, ජයවර්ධන සෙව්මිණිඉමේෂා,මුරුගන් විනෝද්, කුමාර් කෘෂාන්තන් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම්ද සිවකුමාර් ඩාර්නිකතංගම් ,රාමනාදන් දිව්‍යාතංගම් යන අය රිදී පදක්කම් ද දිනා ගැනීමට සමත් වී තිබේ
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment