පද්මිණී කළුආරච්චිගේ අහස ගුගුරා එළිදකී  

177

පද්මිණී කළුආරච්චි වෘත්තියෙන් සංගීත ගුරුවරියක් සහ ගුරු පුහුණු උපදේශිකාවක් වන අතර ඇය කටහඬ පුහුණු කිරීමේ සහ පෞරුෂ වර්ධන උපදේශිකාවක් වශයෙන්ද ීසකඩැර ඍ්හි සංගීත සහ කලා නිකේතනයේ අධ්‍යක්ෂිකාව වශයෙන්ද කටයුතු කරන්නීය.

 ඇය ශ්‍රී ලංකා නාවික හමුදා සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායිකාවක් වශයෙන් කෙටි කලක් කටයුතු කර ඇති අතර ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සූරින්ගේ ශිෂ්‍යාවක් ද වන්නීය. ඉන්දියාවේ ජාතික සංගීත නිකේතනය තුළින් පියානෝ වාදනය සහ බටහිර සංගීතය හදාරා ඇති ඇය එංගලන්තයේ එරසබසඑහ විද්‍යාලය මගින් පවත්වන ප්‍රායෝගික හා න්‍යායික විභාග ගණනාවක් විශිෂ්ට ලෙස සමත් කර ඇත .එසේම බි්‍රතාන්‍ය සංස්කෘතික සභාව මගින් පවත්වන ලද සමස්ත ලංකා ගායන තරඟයේ 2010 වසරේ දේශීය භාෂා ගායනයට හිමි රන් පදක්කම් ඈ විසින් දිනාගෙන ඇත.

 පද්මිණී කළුආරච්චි ගීත ගායනයට මෙන්ම සංගීතයට යොමුවන්නේ ඉතාමත් කුඩා කාලයේ සිට වන අතර එවකට පැවැති ගම් උදාව ගීත ගායනා තරගය ජයග්‍රහණය කරමින් සංගීත වේදිකාවට අවතීර්ණ වන ඇය පාසලේ දී මෙන්ම නොයෙකුත් ප්‍රසංගවලදී ද ගීත ගායනයට යොමු වී ඇත වෙනත් ගායන ශිල්පීන්ගේ ගීත ප්‍රසංග වලදී ගායනා කරන ලද ඇය ඇගේ

 ප්‍රථම ගීතය වන නෙතු මත්වී ගීතය රචනා කරන ලද්දේද ඇය විසින්මයි. එම ගීතයේ තනු සැකසුම නාලක අංජන කුමාර මහතා විසින් සිදු කරන ලද අතර ඇගේ දෙවන ගීතය වන මෙච්චර වද දෙනවා නමැති ගීතය වසන්ත දුක්ගන්නාරාල මහතා විසින් රචනා කරන ලද අතර ඉරාජ් වීරරත්න මහතා විසින් සංගීතවත් කරන ලදී. වේගරිද්ම ගීත ගායනයට ඉතා ඇල්මක් දැක්වූ ඇය බොහෝ කලකට පසුව නැවතත් ගායන ක්ෂේත්‍රයට යොමු වන්නේ ඇය විසින්ම රචනා කරන ලද බොදු ගීතයක් සමගින්ය.

 පද්මිණි කළුආරච්චි ගීත ගායනයට මෙන්ම ගීත රචනය තනු නිර්මාණය නාට්‍ය රචනය වැනි ක්ෂේත්‍රයන් හි ද දක්ෂතාවක් දක්වනීය. දැනට රූපවාහිනි නාලිකා වල මෙන්ම බෞද්ධයා නාලිකාවේ පොහෝ දිනයන් හි විකාශනය වන සසර ගමන නම් වූ ගීතයේ පද රචනය ගායනය සහ තනු නිර්මාණය ඇය විසින් සිදු කර ඇත. එසේම දේශීය ගුරුවරුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද දිනක් උදා වෙලා ගීතයේ පද රචනය තනු නිර්මාණය ද ඇය විසින් සිදුකර ඇත .

 කිරිඳිවැල මහගමසේකර මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇති ඇය වෘත්තියෙන් බැංකු කළමනාකාරිනියක් වුවද ගොවිතැනට මෙන්ම ගහකොළට මහත් ඇල්මක් දක්වන්නීය. ඇය විසින් රචනා කර ගායනය කරන අහස ගුගුරා ගීතය ලෝකය දැනට පත්ව ඇති ව්‍යසන තත්ත්වය හමුවේ කාලෝචිත ගීතයක් වන අතර එය පසුගියදා එළිදක්වන ලදී. මෙම ගීතය ගායනය හා ගී පද- පද්මිණි කළුආරච්චි විසින් සිදුකරනු ලබන අතර සංගීතය සහ තනු නිර්මාණය – ප්‍රියන්ත නාවලගේ විසිනි. දෘෂ්‍ය අධ්‍යක්ෂණය – සමින්ද විතානගේ අතින් නිර්මාණය වී ඇති අතර කැමරාකරණය – චන්න දේශප්‍රියගෙනි. ජයදරුදටර්චයහ – ලලිත් පැරකුම් සහ නිෂ්පාදනය – 360 චරදාමජඑසදබි ඨරදමච ඡඩඑ ඛඑා ගෙනි. මෙම ගීතය යූ ටියුබ් නාලිකා මගින් මේ දිනවල ප්‍රචාරය කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment