පදියතලාවේ එම්. ඕ.එච්. හා පී.එච්.අයි. ඇතුළු 18කට කොරෝනා

100

පදියතලාව ප‍්‍රදේශයේ කෝවිඞ් අවදානම යළිත් වතාවක් ඉහළ යමින් පවතී. පෙරේදා (28) දිනයේ පමණක් පදියතලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ඇතුළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පස්දෙනෙකු ඇතුළුව දහඅටදෙනකු ආසාදිතයන් ලෙස හඳුනා ගෙන ඇත.

පදියතලාව, සරණගම, හාගම්වෙල, කිරවාන, තලාපිටඔය වම යන ප‍්‍රදේශවල මේ දිනවල බහුල වශයෙන් රෝගීන් හමුවන අතර ඒ සියල්ලම එන්නත් දෙකම ලබා ගත් අය වීම විශේෂත්වයකි. මෙම රෝගීන්ගෙන් කිහිපදෙනකුම පාසැල් සිසුන් වීමද තවත් විශේෂත්වයකි. ඇතැම් අවස්ථාවල පවුල් පිටින් ආසාදිතයන් වාර්තා වූ අවස්ථා දෙකක්ද ඇත. ජනතාව මුඛ ආවරණ පවා ගලවා ගෙන නිදහසේ කටයුතු කරන බවක් පෙනීයන බව සෞඛ්‍ය අංශ පවසයි.

පදියතලාව විශේෂ – භාෂණ සත්‍යප‍්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment