පදියතලාව ජාතික පාසැලේ කෝවිඩ් පොකුරක්

208

පදියතලාව ජාතික පාසැලේ මීට සති කිහිපයකට පෙර හදුනා ගත් කෝවිඩ් පොකුර ඉහල දමමින් එහි විදුහල්පති ,නියෝජ්‍ය විදුහල්පතිනිය ,ගුරුවරු කිහිප දෙනෙක් ඇතුළුව තවත් සිසුන් පිරිසක් ආසාදිතයින් ලෙස හදුනා ගෙන ඇත .

මීට සතියකට පමණ පෙර එක් දිනක්ද තුළ සිසුන් දහයක් හා ගුරුවරුන් තිදෙනෙකු ආසාදිතයින් ලෙස වාර්තා වු අතර මේ හේතුවෙන් දහය වසරේ පංති තුනක්ද සතියක කාලයකට වසා දැමීමට සිදුවිය.
සෞඛ්‍ය අංශ පවසන අන්දමට පාසැල තුළ විධිමත් පරික්ෂණයක් සිදු කළහොත් ආසාදිතයින් දෙසීයකට ආසන්න පිරිසක් වත් වාර්තා විය හැකි බවකි.

advertistmentadvertistment
advertistmentadvertistment