පනත් සම්මත කර ගැනීමට මම සිග්නල් කණුවක් වෙන්නේ නෑ… සුසිල් පේ‍්‍රමජයන්ත

140

පාර්ලිමේන්තුව යනු නීති සම්පාදනය කරන තැනක් බවත් එය නියෝජනය කරන මන්තී‍්‍රවරයකු ලෙස තමා අත්දැකීම් අඩු පුද්ගලයින් විසින් ගෙන එන පන්ත සංශෝධනය කර ගැනීමට අත එසවීම සඳහා සිග්නල් කණුවක් වන්නේ නැතැයි අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ඊයේ (22 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. තමා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ වසර විස්සකට අධික කාලයක සිට බවත් නීතිඥයකු, අධිනීතිඥයකු ලෙස කටයුතු කර අත්දැකීම් ඇති තමා එතරම් අත්දැකීම් නැති පුද්ගලයින් පාර්ලිමේන්තුටව ගෙනඑන පනත් සංශෝධන සඳහා කමිටු රැුස්වීම් හමුවේ අත එසවීමට සූදානම් නැති බවත් ඔහු කීවේය.

 පාර්ලිමේන්තුවේ වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සඳහා පත්කළ කමිටුව ද නියෝජනය කළ තමාට ඇති අත්දැකීම් අද බොහෝදෙනකුට නැතැයි ද කී රාජ්‍ය ඇමැතිවරයා මෙවැනි ප‍්‍රකාශ කිරිම සඳහා තම බය නැති බව ද පැවසීය.

 අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment