පනත ගෙනාවේ ඡන්දය කල් දාන්න එහෙම කළොත් නීතිය හමුවට යනවා – ලක්‍ෂ්මන් කිරිඇල්ල

79

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ගෙන එනු ලැබුවේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ අරමුණින් බවත්, ආණ්ඩුව මැතිවරණය කල් දමනු ලැබුවහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19 දා) පැවසීය.

අද මේ පනත ගේන්නේ මැතිවරණය කල් දාන්න. විජයදාස රාජපක්ෂ මහත්මයා කෝප් සභාපති කාලේ මහින්ද රාජපක්ෂ මහත්මයා දැන්වීම් දාලා මිලියන 43ක් රූපවාහිනී ආයතනයට අදටත් ගෙවන්න තියෙනවා. මේවා තමා රට බංකොලොත් වෙන්න හේතු. අද මේ මේ පනත ගෙනාවේ මැතිවරණය කල් දාන්නයි. අපි මේක අතහරින්නේ නෑ, මැතිවරණය කල් දැම්මොත් අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම මැතිවරණය කල් දැම්මොත් රටේ විශාල පිපිරීමක් ඇතිවෙන බව මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි යැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment