‘පනම් බඳින ගස්’ ජපන් තානාපති කාර්යාලයේ අවධානයට

385

ශ‍්‍රී ලංකාවේ කලා කෘතියක් විදෙස් රටක තානාපති කාර්යාලයක අවධානයට ලක්වීම සනිටුහන් කරමින් ජපාන තානාපති කාර්යාලය විසින් සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක සුනිල් කොස්තා නිර්මාණය කරන ‘‘පනම් බඳින ගස්’’ ටෙලි නාට්‍යයට සුබ පතමින් ජපන් තානාපති කාර්යාල නිල වෙබ් පිටුවේ ඒ ගැන සුවිශේෂී සටහනක් තබා තිබේ.

'පනම් බඳින ගස්' ජපන් තානාපති කාර්යාලයේ  අවධානයට
'පනම් බඳින ගස්' ජපන් තානාපති කාර්යාලයේ  අවධානයට
'පනම් බඳින ගස්' ජපන් තානාපති කාර්යාලයේ  අවධානයට

‘පනම් බඳින ගස්’ ටෙලි නාට්‍ය පිළිබඳ එම විශේෂ සටහන තැබීමට හේතු වී ඇත්තේ 1952 දී ජපානයේ විශිෂ්ට සිනමාකරු අකිර කුරසාවා ‘‘ඉකුරු’’ සිනමාපටය තිරගත කර වසර 72 පසු ‘‘ඉකුරු’’ සිනමාපටය ඇසුරින් ‘‘පනම් බඳින ගස්’’ නිර්මාණය කිරීමත්, 1952 වසරේම ඇරඹි ජපන් – ශ‍්‍රී ලංකා තානාපති සබඳතා ආරම්භ කර වසර 72 ක් සපිරීම ද ඊට සමගාමීව යෙදීමත් නිසාය. පුත්තලම ප‍්‍රදේශය ආශි‍්‍රතව රූගත කළ පනම් බඳින ගස් ටෙලි නාට්‍යයේ මුල් අදියරේ රූගත කිරීම් අවසන් කර තිබෙන අතර ප‍්‍රවීණ සිනමා නළු සනත් ගුණතිලක කලකට පසු ටෙලි නාට්‍යයක ප‍්‍රධාන භූමිකාව ‘‘පනම් බඳින ගස්’’ නාට්‍යයේදී නිරූපණය කිරීමද විශේෂත්වයකි.

advertistmentadvertistment
advertistmentadvertistment