පනම් බඳින ගස් ජපාන ප්‍රේක්ෂකයන් හමුවට?

194

ඔසුර සමාජ සත්කාර පදනමේ සභාපති දේශමාන්‍ය දේශමාමක ශාසන සේවා විභූශණ දේශබන්දු වසන්ත ජයවර්ධන මහතාගේ ප්‍රථම ටෙලිනාට්‍ය නිෂ්පාදනය ලෙස ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක සුනිල් කොස්තා මහතාගේ අධ්‍යක්ෂණයෙන් ජපන් ජාතික මහා සිනමාකරුවකු වූ අකිර කුරුසාවා විසින් 1952 වර්ෂයේ සිනමා කේෂ්ත්‍රයට දායාද කරන ලද ‘ඉකුරු’ සිනමා පටය පාදක කරගෙන නිර්මාණය වූ ‘පනම් බදින ගස්’ ටෙලිනාට්‍ය ජපානයේ ප්‍රදර්ශනය සදහා වන සාකච්ඡාවක් ජපන් තානාපතිවරයා සමග පසුගියදා කොළඹ පිහිටි ජපන් තානාපති කාර්යාලයේදී සිදු කෙරිණ.

මෙම ටෙලිනාට්‍ය සදහා සම්මානනීය ප්‍රවීණ රංගන ශීල්පියකුවන සනත් ගුණතිලක , දිල්හානි අශෝකමාලා,ආනන්ද කුමාරඋන්නැහේ,මිචෙල් දිල්හාරා , නිරෝෂන් ඉලේපෙරුම ප්‍රධාන රංගන ශීල්පීන් ලෙස රංගනයෙන් දායකවන වන අතර තවත් ප්‍රවීණ හා නවක නළු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය සපයයි . මෙම නිර්මාණයේ තවත් එක් විශේෂත්වයක් වන්නේ නිෂ්පාදක වසන්ත ජයවර්ධන මැදිහත්වීම මත මොනරාගල දිස්ත්‍රික්කයේ රංගන හැකියාවන් ඇති ශිල්පීන් තිස් දෙනකුට පමණ තම කලා ජීවිතය ආරම්භ කිරීමට මෙම ටෙලිනාට්‍ය හරහා අවස්ථාව උදා කරදීමය.

ජපන් තානාපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී වසන්ත ජයවර්ධන මහතා විසින් මොනරාගල දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සදහා මෙන්ම විශේෂයෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ තරුණ තරුණියයන් සදහා ජපානය තුළ රැකියා අවස්ථාව ලබා දෙන ලෙසත් තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කළ අතර ඒ සදහා සුභදායී යහපත් ප්‍රතිචාර ලැබුණි.

මෙම හමුව සඳහා සදහා ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක සුනිල් කොස්තා,ප්‍රවීණ සම්මානනීය රංගන ශිල්පී සනත් ගුණතිලක,රංගන ශිල්පීනී මිචෙල් දිල්හාරා , සහරා ෆ්ලෑස් නායක ඇතුළු පිරිසක් සහභාගි විය.

advertistmentadvertistment
advertistmentadvertistment