පනස් වසරක රන්මිණි අභිමානයෙන් සෞභාග්‍යයේ දැක්ම ඔප්නංවන මැණික් සහ ස්වර්ණාභරණ ඇධිකාරිය

203

මැණික් සහ ශ‍්‍රී ලංකාව යනු දෙකක් නොව එකකි. අතීතයේදී ‘රත්නදීප. නාමකරණයෙන් අප හැඳින්වූයේ මැණික් හා අප අතර ඇති සබැඳියාව මොනවට පසක් කරමිනි. මෙරට පාලනය කළ රජවරුන් මෙන්ම බිසෝවරුද ලොව අනෙක් රටවල් හා රාජ්‍ය තාන්ත‍්‍රිකභාවය වර්ධනය කර ගැනීමට මෙන්ම හිතවත්කම් පෑම පිණිස මැණික් යොදාගත් බවට ඉතිහාස කතා සාක්ෂි දරයි. කෙසේ වුවද මේ වටිනා සම්පත සැඟව ඇත්තේ පස් යටය. එය මතුකර ගැනීම වෙහෙසකර පරිශ‍්‍රමයකි. එසේ මතුකරගන්නා මැණික් ඔප දැමීමද වෙනම කලාවකි. එපමණක් නොව හිතූ මනාපෙට මැණික් ගොඩදැමීම ද කළ නොහැක. එනිසා එය නියාමනයකට ලක්වේ. අපේ මේ වටිනා සම්පත සංවර්ධනය කිරීම” විධිමත් කිරීම සහ ප‍්‍රවර්ධනය කිරීම සඳහා මැදිහත් වන ආයතනය වනුයේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියයි. 1993 අංක 50 දරණ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි පනත යටතේ එය පිහිටුවා ඇත. මීට පෙර පැවැතුණේ මැණික් සංස්ථාවයි. ඒ 1971 අංක 13 දරණ පනතින් ස්ථාපිත කරන ලද්දකි. කෙසේ වුවද ඉහත සඳහන් කළ 1993 අංක 50 දරණ පනතින් මැණික් සංස්ථාව අහෝසිවී පිහිටු වූ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නොවැම්බර් 01 වැනිදා සමරනුයේ ස්වර්ණජයන්තියයි. අද එය මැණික් රන් මෙන් දිදුලන ආයතනයකි.

‘මැණික්. කෙතරම් පොළව යට තිබුණ ද පලක් නැත. එය පලක් ඇති දෙයක් වනුයේ පොළවෙන් මතුකර ඔප දැමූ පසුය. එසේ ඔප දැමූ මැණික් රටේ ආර්ථිකය දිදුළවන්නට හේතුවකි. මෙරට මේ මොහොතේ පැන නැගී ඇති විනිමය අර්බුදයට ‘මැණික්. යනු කදිම විසඳුමකි. ඩොලර් උල්පතකි. මේ වග වඩා හොඳින් හඳුනාගත් පුද්ගලයෙකි ජාතික මැණික් හා ස්වර්ණාභරණ ආයතනයේ වත්මන් සභාපති තිලක් වීරසිංහ. පසුගිය ජුලි මාසයේ රත්නපුර රක්වාන ප‍්‍රදේශයෙන් හමුවූ මැණික් පොකුරත් සමග ඔහු මුළු රටම හඳුනාගත් චරිතයක් බවට පත්විය. ඔහුගේ දැක්ම සහ සැලසුම් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ හෙට දින පිළිබඳ පැහැදිලි සුබවාදී සිතුවමකි. එකී වැඩපිළිවෙළේ සාර්ථකත්වය රටේ ආර්ථිකයට මහත් අස්වැසිල්ලක් මෙන්ම අවසානයේ එය මෙරට පොදු ජනතාවගේ හිතසුව පිණිසය.

නව නිමැවුම් නොතනන ජාතිකය සැමදා එක තැනය. අතීතයේ ලොව මවිත කළ නිපැයුම් කළ ජාතියක් වූ අද අප එක තැන පල්වෙන ජාතියක් බවට පත්ව ඇත්තේද නව නිමැවුම් පිළිබඳ අපේ ඇති සෘණාත්මක ආකල්පයන් නිසාය. රටේ සමස්තය එසේ වුවද ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වත්මන් සභාපතිවරයා නිරන්තරයෙන් උත්සාහ ගනුයේ අපේ පොළොව යට තිබෙන මැණික් සම්පතට නව අගයන් එකතු කිරීමටය. ඕනෑම නිෂ්පාදනයක් සඳහා නව වටිනාකම් එකතු කළ විට ඊට ආරෝපණය වන මූල්‍යමය බලය වැඩිය. මෙකී ආර්ථික සංකල්පය ඉතා හොඳින් හඳුනාගත් තිලක් වීරසිංහයන් මැණික් වැනි ඛනිජ සම්පත් වටිනාකම එකතුකොට අපනයනය කිරීම උදෙසා වූ දිරිගැන්වීම් හඳුන්වාදී ඇත. එමගින් ලැබෙන ආදායම ඉහළ නංවා ගැනීමට කටයුතු කර ඇත. එහිදී 2017 වර්ෂයේ සිට මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් වෙත උපයන ලාභ මත පනවා ඇති 14%ක බද්ද සඳහා වසර 03ක බදු විරාමයක් ලබාදී ඇත. මැණික් අපනයන ප‍්‍රවර්ධනය හා අපනයනකරුවන් දිරිගැන්වීම මගින් වාර්ෂිකව සිදුවන අපනයන වැඩිකර අපනයන ආදායම වර්ධනය පිණිස මෙතෙක් අය කළ අපනයන සේවා ගාස්තු අඩු කර ඇත. 0.5%ක් වූ ඒ සේවා ගාස්තුව මේ වනවිට 0.25%කි. රටේ පවතින වසංගත තත්ත්වය හමුවේදී රටේ ආර්ථිකයට ද දායක වෙමින් මැණික් අපනයන 72% කින් වර්ධනය කරගැනීමට ද මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය සමත්ව තිබේ.

මැණික් පොළොවෙන් මතුකර ගැනීම ඉතා වෙහෙසකර කාර්යයකි. එපමණක් නොව එය හිතු හිතූ පරිදි කළ හැක්කක් ද නොවේ. ඒ සඳහා අවසරය ලබාගත යුතුය. එකී අවසර ලබාදීමේ අධිකාරී බලය පවතින්නේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියටයි. එම අවසරය ඉතා කඩිනමින් ලබාදීම උදෙසා හා එකී ක‍්‍රියාවලිය සරල කිරීම සඳහා ‘සේවා පියස. :ධබැ ීඑදච ීයදච) ක‍්‍රමය ආරම්භ කර ඇත. මෙම සංකල්පය සෞභාග්‍යයේ දැක්ම අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ වර්තමාන ආණ්ඩුව යටතේ සිදු කෙරේ. මෙම ක‍්‍රමය යටතේ දින 21ක් අඩු කාලයකදී බලපත‍්‍ර ලබාගැනීමේ හැකියාව උදාවේ. මැණික් කියූ සැනින් සිහිපත් වන නාමයක් වනුයේ රත්නපුරයයි. ලොව වටිනාම මැණික් රත්නපුරයෙන් මතු වුවද ඒවා අලෙවි කර ගැනීමේදී ව්‍යාපාරිකයන්ට” පතල්කරුවන්ට දැඩි දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවේ. ඇතැම් විට ඇතැම් ගනුදෙනු සිදුවනුයේ මහපාරේය. මෙකී අඩුපාඩුව සපුරාලනු වස් ‘මැණික් කුලූන. ඉදිවෙමින් තිබේ. මෙය වසර 40කට අධික කාලයක් පුරා රත්නපුර මැණික් වෙළෙඳුන් මෙන්ම ව්‍යාපාරිකයන්ද දුටු සිහිනයක් සැබෑ වීමකි. මෙය ජාත්‍යන්තර මට්ටමේ පහසුකම්වලින් යුත් දෙස් විදෙස් මැණික් ගැණුම්කරුවන් සහ විකුණුම්කරුවන් මුණගස්වන මධ්‍යස්ථානයකි. එහි පළමු අදියර ජුනි 22දා අවසන් වීමට නියමිතය.

එමෙන්ම අග නගරයේ එනම් කොළඹ රන් වෙළඳපොළ (Gold Market) සංකීර්ණය ගොඩනැගීමේ අරමුණු සපථ කර ගැනීම වෙනුවෙන් එම වෙළෙඳ සංකීර්ණයේ වෙළඳ කුටි වෙන්කිරීම හා සංවර්ධනය සිදුකර ඇත. තවත් සුවිශේෂී කාර්යයකි. එනම් ස්වර්ණාභරණ කර්මාන්තය ජාත්‍යන්තරට ගෙන යෑම උදෙසා වූ ස්වර්ණාභරණ මෝස්තර අඩංගු Coffee Book එකක් සැකසීමට මේ වනවිට ස්වර්ණාභරණ මෝස්තර නිර්මාණ කැඳවා ඇත. අපේ මැණික් සඳහා අතීතයේ සිට විදේශිකයන්ගෙන් තිබුණේ දැඩි ආකර්ෂණීය බවකි. එනිසා එම විදේශිකයන්ගේ ආකර්ෂණය වැඩිකර ගැනීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි ආගමන හා විගමන කවුළුවල ශ‍්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ප‍්‍රචාරය කිරීමට කටයුතු ආරම්භ කිරීම වැදගත් කරුණකි. කොරෝනා වසංගතයත් සමග බොහෝ දේ මිලදී ගැනීම සහ විකිණීම උදෙසා භාවිත කළ මාර්ගගත ක‍්‍රමය අද ඉතා ආකර්ෂණීය මෙවලමකි. ඒ හා අනුගතවෙමින් මැණික් සහ ස්වර්ණාභරණ විකිණීම අධිකාරියේ වෙබ් අඩවියෙන් සිදුකරමින් පවතී. මැණික් හා ස්වර්ණාභරණ සඳහා අගය එකතු කළ නිර්මාණ සඳහා සභාපතිතුමාගේ දැක්ම පිළිබඳ අප ඉහත සඳහන් කළෙමු. එය සාර්ථක කර ගැනීමට මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවණතාවන්ට ගැළපෙන ලෙසින් නව පුහුණු පාඨමාලා හඳුන්වාදීමේ වැඩපිළිවෙළක් වෙනුවෙන් ක‍්‍රමවේද සකස් වෙමින් පවතී. මෙමගින් අගය එකතු කළ නිර්මාණ බිහිකිරීම උදෙසා දැනුම සහ කුසලතා වර්ධනය කිරීම බලාපොරොත්තුවයි. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප‍්‍රගමනය උදෙසා විෂය භාර කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතාගේ අධීක්‍ෂණයෙන් දක්වන සහයද රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්ත මහතාගේ උපදෙස් ද රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. පියතිස්ස මහතාගේ සහය ද නිතැතින්ම හිමිවේ. මේ වනවිට රත‍්‍රං වෙළෙඳපොළෙහි මිල ඉතා ඉහළ ගොස් ඇත. එනිසා එකී කර්මාන්තකරවන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති අතර” එය මගහැරවීම වෙනුවෙන් රත‍්‍රං ආනයනයේදී පනවා තිබූ 15% බද්ද ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට නියමිතය. ඒ මගින් ස්වර්ණාභරණ නිෂ්පාදකයින්ට මහත් අස්වැසිල්ලකි.

භූගතව පවතින ඛනිජ සම්පත් රටට ධන ආයෝජන උල්පත් කිරීම වත්මන් සභාපතිවරයාගේ වැදගත් දැක්මකි. මේ මොහොතේ රට ඉල්ලා සිටින්නේ එයයි. ඒ වෙනුවෙන් ඔහු විශේෂ වැඩපිළිවෙළ කීපයක් දියත් කර ඇත. එහිදී නූතන දියුණු තාක්ෂණය ඒ සඳහා යොදාගැනීම කෙරෙහි සභාපතිවරයාගේ මූලික අවධානය යොමුව තිබේ. එහිදී මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනය මගින් සිදුකෙරෙන අධ්‍යයනය මගින් හඳුනාගැනෙන මැණික් ඉල්ලම් සහිත බිම් ප‍්‍රදේශ සිතියම් කර ඇත. එමෙන්ම මැණික් ඇතැයි හඳුනාගෙන ඇති ප‍්‍රදේශවල පුරන් කුඹුරු ගොවිජන සේවා පනත ප‍්‍රතිපාදන මත කුඹුරු වර්ගීකරණයෙන් ඉවත් කර මැණික් ගැරීමට යොදාගැනීමද කර්මාන්තයේ දියුණුව උදෙසා ගත් වැදගත් පියවරකි. මැණික් සම්පත ගොඩගැනීමට දහදිය කඳුළු හෙළන පතල්කරුවන් කර්මාන්තයේ කොඳු නාරටියයි. පතලක වැඩ කරනවා යනු අවදානම් සහිත කාර්යයකි. එනිසා පතල් ක්ෂේත‍්‍රයේ නියැලී සිටින අය රැකීම උදෙසා අත්පොතක් සැකසීමට කටයුතු කර ඇත.

ඇතැම් ප‍්‍රදේශවල ඇති භූමියන්හි මැණික් තිබුණද යම් නීතිමය බාධාවන් නිසා ඒවා කැණීම් කිරීම අසීරුව ඇත. නීතිමය බාධාවන් නිසා සම්පතක් ප‍්‍රයෝජනයට නොගැනීම සිදුවිය නොයුත්තක් බව වත්මන් සභාපතිවරයා නිතර පවසන දෙයයි. එනිසා ඒ වෙනුවෙන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මැදිහත්ව ඇත. එමගින් රට තුළ ඇති මැණික් සැපයුම් ජාලය ශක්තිමත් කිරීම අරමුණයි. ඒ යටතේ හැරණියාවක කළු ගඟ මැණික් ගැරීමේ ව්‍යාපෘති ආරම්භ කර සාර්ථකව මේ වනවිට ක‍්‍රියාත්මක වේ. එමෙන්ම බඩල්කුඹුර” ගැඩවිල මැණික් ගැරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර සාර්ථකව ක‍්‍රියාත්මකවෙමින් තිබේ. එපමණක් නොව හැටන්ඔය මවුන්ට් ජීන් ව්‍යාපෘතිය ද මේ වනවිට තිබෙනුයේ සාර්ථක ව්‍යාපෘති අතරේය. කුඹුක්කන් ඔය ජලාශ යෝජනා ක‍්‍රමයෙන් යටවීමට නියමිත ඉඩම් අක්කර 900ක පමණ භූමි භාගයක පවතින මැණික් සම්පත පිළිබඳ මූලික අධ්‍යයනයන් සිදුකර එම සම්පත් ගොඩගැනීමට ක‍්‍රියාකිරීම උදෙසා මේ වනවිට කටයුතු කරමින් සිටී. මේ දැක්වූයේ වත්මන් සභාපති තිලක් වීරසිංහ මහතා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ කාර්යභාරයන් විධිමත්ම හා කාර්යක්ෂමව පවත්වා ගැනීම වෙනුවෙන් කරන මැදිහත්වීම්වලින් බිඳකි. තිලක් වීරසිංහ මහතා මේ ක්ෂේත‍්‍රය පිළිබඳ හසළ දැනුමක් ඇත්තෙකි. එනිසා මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය වෙනුවෙන් ගනු ලබනුයේ පොළාවේ පැළ කළ හැකි තීන්දු තීරණය. ඒවා පොතට” වචනවලට පමණක් සීමා වූ ඒවා නොවේ. ස්වර්ණජයන්තිය සමරන අධිකාරියට ඔහු සැබෑ නායකයෙකි. ඔහු ඉදිරි දැක්මක් ඇති සභාපතිවරයෙකි.

”මේ රටේ මැණික් තියෙනවා කියල විශ්වාස කරන භූමියන් අපේ අධිකාරියට යටතට දෙනව නම් රටේ තියෙන ණය කන්ද අවුරුදු දෙකෙන් ගෙවල දාන්න පුළුවන්. අපට එතනදි ඒ හා බැඳුණු අමාත්‍යාංශවල සහය ඕන. බොහෝ වතු සමාගම්වලට දීල තියෙන තේ බිම්වල තියෙන ඛනිජ සම්පත ගොඩදාන්න අවසරය අපට දෙන්න. අපි ඒ තැන්වල තියෙන ඛනිජ සම්පත ගොඩදැම්මට පස්සෙ ඒ භූමිය නැවත තිබුණු තත්ත්වයට පත්කරල දෙන්නම්. ඒ සඳහා අවශ්‍ය පැළ රෝපණය කරල දෙන්නම්. අපි දන්නව පරිසරයත් රැකගෙන රටේ ආර්ථිකය ගොඩදාන්න ඕන කොහොමද කියල අපේ කර්මාන්තයෙන්.” මේ වත්මන් සභාපති තිලක් වීරසිංහ මහතාගේ අදහසයි. ඔහුගේ සංකල්ප පරිසර හිතකාමීය. රටේ අභිවෘද්ධියට හේතුවන්නකි. එනිසා ස්වර්ණජයන්තිය සමරන මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සියලූ අරමුණු සඵලවීම රටට සෙත සලසන්නකි. ඒ සඳහා ඇති සියලූ බාධාවක් මගහැරේවා යන්න මෙරට සියලූ දනන්ගේ පැතුමයි.

ස්වර්ණාභරණ අධිකාරියේ ප‍්‍රධාන කාර්යාල භාවිතා කිරීමට නොහැකි තත්ත්වයට පත්වී ඇති බැවින් කර්මාන්තකරුවන්ට සේවය සපයා දීම සඳහා ආයතනය නො. 12” මැක්සන්ස් ටවර්” ඇල්ෆ‍්‍රඞ් හවුස් ගාර්ඞ්න්” කොළඹ 03 වෙත රැගෙන ගොස් තිබේ.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට වසර 50ක් පිරීම නිමිත්තෙන් පූජා පූජා පිංකමක් සහ ධර්ම දේශනාවක් නොවැම්බර් 01 වැනිදා උදේ 8.00ට කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වේ.

සිරිමන්ත රත්නසේකර
ඡායාරූපය – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment