පන්ජාබ් දේශ සීමාවේ ඩ්‍රෝන යානා අර්බුදයක්

265

පන්ජාබ් ප්‍රාන්තයේ ගුර්දස්පූර් හි පිහිටි ඉන්දියාව සහ පකිස්ථානය අතර ජාත්‍යන්තර දේශ සීමාවේ පකිස්ථානය හමුදා ඩ්‍රෝන යානා ස්ථාන ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.එම යානා පකිස්ථාන ප්‍රදේශයේ පියාසර කරන බව ද පවසයි.මෙලෙස මෙම වසරේ දෙරට දේශ සීමාවේ පකිස්ථානය ඩ්‍රෝන යානාවක් ස්ථාන ගත කළ තෙවැනි අවස්ථාව බවද මාධ්‍ය වාර්තා කරයි.මීට පෙර 2021 වසරේ සිට ඉකුත් ජූලි මාසය දක්වා පකිස්ථානය ඩ්‍රෝන යානා 107 වාරයක් දේශ සීමාව හරහා පියාසර කරවා ඇත.මින් වාර 31ජම්මු ප්‍රදේශය ඔස්සේ පියාසර කරවා ඇත.ඉන් යානා දෙකක් ජම්මු පාලන සීමාවට ඇතුළු වී ඇති බව ද වාර්තාවේ. මෙම යානා මගින් මත් ද්‍රව්‍ය, ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය හා පතරොම් ප්‍රවාහනය කර තිබේ. මේ අනුව ඉන්දියාව ඩ්‍රෝන නාශක ආයුධ පන්ජාබ් ප්‍රදේශය ස්ථාන ගත කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment