පන්ති යමින් සිටි සිසුවිය යතුරු පැදියකින් ගෙන ගොස් පාළු නිවසකදී අතවර කරලා

985

සැකකාර සිසුවා රක්ෂිතයට

උපකාරක පන්තියකට යමින් සිටි 17 හැවිරිදි පාසැල් සිසුවියක් එම පාසැලේම 19 හැවිරිදි සිසුවකු විසින් පන්තියට ඇරලවන මුවාවෙන් යතුරු පැදියක නංවාගෙන ගොස් පාලූ‍ නිවසකදී අතවර කර ඇතැයිද අත්අඩංගුවට ගත් සිසුවා බන්ධනාගාර ගතකර ගත කර ඇතැයිද මාරවිල පොලිසිය පවසයි.

මාරවිල දිසා විනිසුරු හා මහේස්ත‍්‍රාත් රඛිත පී. අබේරත්න මහතා සිද්ධියට අදාළ මාරවිල පොලිස් වසමේ සිසුවකු වන මොහු ලබන දෙසැම්බර් 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට ඉකුත් 29 වැනිදා නියෝග කළේය.

සිසුවිය වෛද්‍ය පරීක්ෂණවලට ලක් කළ බව කියන මාරවිල පොලිසිය පුද්ගලයන් විශ්වාස කරගෙන යතුරුපැදිවල හෝ වාහනවල යෑමෙන් මෙවැනි සිදුවීම් සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීමක් කළේය. මෙවැනි සිදුවීම් නොවීමට තරුණියන් බුද්ධිමත්ව හැසිරිය යුතු බවටද පොලිසිය පෙන්වාදෙයි.

සිසුවියගේ පියා කොළඹ ප‍්‍රදේශයේ රැකියාවක් කරන අතර මව සමග පැමිණ සිසුවිය 27 වැනිදා මාරවිල පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබිණි.

නාත්තන්ඩියේ සහකාර පොලිස් අධිකාරි පර්සි මයිකල් මහතාගේ සහ මරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂක ආර්. එම්. ප‍්‍රියන්ත රත්නායක මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්. අයි. බී. සේමසිංහ, කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක අයිරාංගනී, කාන්තා පොලිස් සැරයන් 1493 ස්වේතා, කොස්තාපල් 138 සරච්චන්ද්‍ර යන නිලධාරීන් මෙහි විමර්ශන සිදුකළ අතර, සැකකරු උසාවි ගතකිරීමට උප පොලිස් පරීක්ෂක ආර්. පුෂ්පකුමාර මහතා කටයුතු කරන ලදී.

නාත්තන්ඩිය – රෙක්ස් හැරිසන්

advertistmentadvertistment
advertistmentadvertistment