පන්දහසේ හොර නෝට්ටු අත්අඩංගුවට

182

පුදුකුඩිඉරිප්පු දේවිපුරම් ප්‍රදේශයේ දි ව්‍යාජ මුදල් නොට්ටු තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරු සමග මුදල් තොගය සොයාගෙන ඇත.පොලිස් මුලස්ථානය පැවසුවේ එහිදී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 700ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය. එහිදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා භාවිත කළ යන්ත්‍රයක් ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment