පන්දාහ ගන්න ගියාම අඩු වෙලා… අපට ලැබුණේ රු. 1500යි… ආණ්ඩුව දුප්පතුන්ට දුන් රුපියල් 5000 ගසා කාලා..!

216

නන්දන ශී‍්‍ර කෝට්ටේගොඩ


 
කොරෝනා වසංගතය නිසා පීඩාවට පත් පවුල් වෙත රුපියල් පන්දාහක දීමනාව දීමේදී විවිධ විෂමතා පවතින බව ජනතාව පවසති.
 
 ජුනි මාසයේදී රුපියල් 5000 දීමේදී පිරිසකට රුපියල් එක්දහස් පන්සීයක් පමණක් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විසින් ලබාදී ඇති බව ද තවත් පවුල් සඳහා රුපියල් පන්දහසක මුළු මුදලම බෙදා දී ඇති බව ද කියති.
 
 

පන්දාහ ගන්න ගියාම අඩු වෙලා... අපට ලැබුණේ රු. 1500යි... ආණ්ඩුව දුප්පතුන්ට දුන් රුපියල් 5000 ගසා කාලා..!

බඩු මිල වැඩිවෙලා. මිනිසුන් ජීවත් වනවාට ජීවත් වෙන්නේ. අපේ තාත්තාට අවුරුදු 91 ක් වෙනවා. රුපියල් පන්දහස මේ වාරයේ දුන්නේ නැහැ. රුපියල් එක්දහස් පන්සීයයි දුන්නේ. තාත්තගෙ පැල් කුටියේ දෙන්නෙක් ජීවත් වෙනවා.
 
 මමයි මහත්තයයි වෙනම ජීවත් වෙනවා. අපිටත් ආදායමක් ඇත්තේ නැහැ. තාත්තාවත් නඩත්තු කරන්නේ මමයි.
 
 බුලත්සිංහල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෝල්කාව ග‍්‍රාම නිලධාරී වසමේ සමෘද්ධි හිමිකම නොලැබී අපේක්ෂා භංගත්වයට පත්ව සිටින ඞී. චන්ද්‍රවතී (39* මහත්මිය සිය දුක හෙළි කරන්නට වූයේ එසේය.
 
 එහිදී තවදුරටත් ඇය මෙසේද කීවාය
 
 සමෘද්ධි නෝනා රුපියල් 1500 ක් දීලා කඩදාසියකට අත්සන් ගත්තා. තැපැල් කන්තෝරුවෙන් ඉතිරි මුදල් 3500 ඉල්ල ගන්න කියලා මට කිව්වා.
 
 මම මෝල්කාව තැපැල් කන්තෝරුවට ගිහින් රුපියල් 5000 ඉතිරි මුදල වූ රු.3500 ඉල්ලූවා. තැපැල් නෝනා මට දුන්නේ වැඩිහිටියන්ට මාස්පතා දුන්නු රුපියල් 1900 විතරයි. තැපැල් නෝනා කිව්වා අපිට 5000 ක් දෙන්න දන්වලා නැහැ කියලා. ඉතිරි මුදල් ඉක්මනින්ම අපට ලබාදෙන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
 
 බුලත්සිංහල, මතුගම ග‍්‍රාමසේවා වසමේ මෝල්ගහ පදිංචි (91* ආර්. පී. මැගී මහත්මිය පැවසුවේ රුපියල් 5000 ක් වෙනුවට තමාට ලැබුණේ රුපියල් 1500 ක් පමණ බවයි.
 
 අපි හිතුවේ කිව්වා වගේම රුපියල් 5000 ක් ලබා දෙනවා කියලයි. ඒ මුදල ගන්න ගියාම අඩුවෙලා. කියන කොට එහෙමයි කරනකොට මෙහෙමයි කියන පැරණි ජන කතාව අපිට මතක් වෙනවා යැයි ඇය වේදනාවෙන් කීවාය.
 
 ගලහිටිය ග‍්‍රාම නිලධාරි වසමේ පදිංචි එක්දරු පියකු වන යොහාන් පිලිප් රාජසිංහම් (29*
 
 මට ගෙයක් ඉඩමක් නැහැ. තාවකාලික පැලක අපි තුන්දෙනෙක් ජීවත් වෙනවා. මට අවුරුද්දයි මාස 03 ක පුංචි දියණියක් සිටිනවා. අපිට සමෘද්ධි ඇත්තේම නැහැ. ඉල්ලූම් කරල තියෙනවා. රුපියල් 5000 මුදලත් නැහැ.
 
 පොල් කඩන, ගස් අතු කපන පවුල්වල දුක් හෙළි කරන්නට වූයේ මැතිව්ස් ජොන්සන් ය (53*
 
 මගේ අම්මාට අවුරුදු 90 ක් වෙනවා. රුපියල් 5000 තවම ලැබුණේ නැහැ. කොරෝනා හින්දා මාස ගණනාවක් තිස්සෙම පොල් කැඞීමත් නැහැ. අපේ දුක දන්නේ දෙවියො විතරයි.
 
 ලූක් හෙන්රි රාජසිංහම් (55*
 
 පරගොඩ ග‍්‍රාමසේවා වසමේ පදිංචිකරුවෙකි. කුලී වැඩ කරමින් පවුලක් නඩත්තු කරන ඔහු පවසන්නේ මෙවන් කතාවකි.
 
 අපිට සමෘද්ධියත් අහිමියි. අපට වැඩිය තියෙන උදවිය සමෘද්ධිය ගන්නවා. අපේ‍්‍රල් මාසයේදී දීපු රුපියල් පන්දහසත් දුන්නේ නැහැ.
 
 මේ මාසයෙත් ලැබුණේ නැහැ. මම දරුවන් දෙදෙනකු සිටින පියෙක්. මම වරින්වර අතපය වාරු නැතුව වැටෙන ලෙඩෙක්. බුලත්සිංල දිසාපති කාර්යාලයෙන් සමෘද්ධිය ඉල්ලූම් කළා. තවම නැහැ.
 
 රට වටේටම ණය වෙලා. විදුලි බිල ගෙවා ගන්නවත් විදියක් නැහැ. ආණ්ඩුව මුදල් අර්බුදයකට මුහුණ දුන්නා කියල කිය කියා ඒගොල්ලො සැප විඳිනවා. අපේ අසරණ මිනිස්සු කබලෙන් ලිපට වැටිල පිච්චෙනවා.
 
 මේ ජුනි මාසයේදී රුපියල් පන්දහස නොලැබුණු විශාල පිරිසක් සිටිනවා. රජය සමෘද්ධි හිමිකම් ලබාදෙන විටදී යමක් කමක් ඇති,
 
 ඇති හැකි උදවියට ද සමෘද්ධිය මෙන්ම රුපියල් පන්දහස ද ගෙවා ඇති බවට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින්  දැනගැනීමට තිබේ.
 
 මෙම සිද්ධීන් පිළිබඳව විමසිම සඳහා අප බුලත්සිංහල ප‍්‍රාදේශීය ලේකම් ප‍්‍රසාද් පෙරේරා මහතාට කතා කළ අතර ප‍්‍රාදේශීය ලේකම්වරයා කීවේ රුපියල් 5000 මුදල එකවර නොගෙවූ පිරිසක් සිටින්නේ චක‍්‍රලේඛයකට අනුව ගෙවීම් සිදුවන නිසා බවයි.
 
 රුපියල් 1000 සමෘද්ධි හිමිකම ඇති පවුල්වලට රුපියල් එක්දහස් පන්සියයක් ගෙවනවා. තැපැල් කන්තෝරුවෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට රුපියල් 1900 ක් දෙනවා. මේ අයට යථා කාලයේදී අපිට ලැබුණාම රුපියල් තුන්දහසක් ගෙවන්නට අපිට පුළුවන් යනුවෙනි.
 
 මේ අතර ති‍්‍රරෝද රථ පදවන, කුලී වැඩ කරන, පොල් කඩන, අතු කපන, රටකජු, බුලත් විට විකුණන විශාල පිරිසක් සමෘද්ධි හිමිකමත් රුපියල් 5000 ත් ලබා දෙන ලෙසට ඉල්ලා සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment