පන්දු යවන්නෝ ඇෆ්ගනිස්තානුවන් 228කට සීමා කරති

184

ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර ඊයේ (27 වෙනිදා) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති දෙවන එක්දින තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානුවන් ලකුණු 228 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ අවසන් කඩුලු 9 ලකුණු 93ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වීම ඔවුන්ව මෙතරම් අඩු ලකුණු සංඛ්‍යාවක රඳවා ගැනීමට ප්‍රබල සාධකය විය.

ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ මෙන්ම දඟ පන්දු යවන්නෝ ද මෙහිදී සිය යුතුකම් කොටස මැනවින් ඉටු කළහ.

පළමු තරගයේ පරිදිම කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්තානු නායක හෂ්මතුල්ලා ශහිඩ් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර මෙම තරගයේදී දෙපිළම එකම වෙනස් කමක් හෝ සිදු නොකරමින් තරගයට අවතීර්ණ විය.

තරග 3 කින් සමන්විත මෙම එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 60 ක ජයක් ලද ඇෆ්ගනිස්තානු පිලට තරගාවලිය ජය ගැනීමට ඊයේ තරගයේ ජය පමණක් ප්‍රමාණවත් වද්දී තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැඳී සිටීමට නම් ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය ලබා දුන් ලකුණු 229ක ඉලක්කය අනිවාර්යයෙන්ම ජය ගත යුතුව තිබුණි.

තරගාවලි පරාජයෙන් බේරීමට අමතරව ඊයේ තරගයේ ජය ශ්‍රී ලංකාවට තවත් වැදගත් වූයේ සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවට තවත් ඉතිරිව ඇත්තේ තරග 5 ක් පමණක් බැවිනි. එහි පළමු කණ්ඩායම් 8 දෙනා අතරට යෑමට නම් ඉතිරි තරග සියල්ලම ශ්‍රී ලංකාව ජය ගත යුතු අතර නොඑසේ නම් එම තරගාවලියට ප්‍රවේශ වීම සඳහා ද ශ්‍රී ලංකාවට සුදුසුකම් ලබා ගැනීමේ වටයකට මුහුණ දීමට සිදුවේ.

ඊයේ තරගයේදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ලකුණු 113ක සම්බන්ධතාවයක් දෙවෙනි කඩුල්ල සඳහා ගොඩනැගීමට ආරම්භක පිතිකරු රාමනුල්ලා ගුර්බාස් සහ අංක 3 පිතිකරු රහමට් ෂා සමත් වූහ. එහිදී ගුර්බාස් ලකුණු 68ක් සහ රහමට් ෂා ලකුණු 58ක් ලබා ගත්හ. පෙර තරඟයේදි ශතකයක් ලබාගත් අනෙක් ආරම්භක පිතිකරු ඊබ්‍රාහිම් සද්‍රාන් ලකුණු 10කට පිටියෙන් ඉවත් කිරීමට වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර සමත්වීම ශ්‍රී ලංකාවට මහත් අස්වැසිල්ලක් විය.

කෙසේ වෙතත් ඇෆ්ගනිස්තාන ඉනිමේ අවසන් භාගයේදී ඔවුන්ට ශක්තියක් වූ තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබි පන්දු 34කදී වේගවත් ලකුණු 41 ක් රැස් කළේය.

ලකුණු සාරාංශය 228 පන්දු වාර 48.2 (10)

ඇෆ්ගනිස්තානය – රාමනුල්ලා ගුර්බාස් 68, ඊබ්‍රහිම් සද්‍රාන් 10, රහමට් ෂා 58, හෂ්මතුල්ලා ශහිදි 28, නජිබුල්ලා සද්‍රාන් 06, මොහොමඩ් නබි 41, ගුල්බදින් 06, නයිබ් රශීඩ් ඛාන් 03, මුජීබ් උර් රෙහ්මාන් 00, ෆසාලහක් ෆරූකි නොදැවී 02, යමින් අහමද්සායි 01 අතිරේක 05 එකතුව 228

පන්දු යැවීම

ධනංජය ද සිල්වා 37-1, වනිඳු හසරංග 39-1, ධනංජය ලක්ෂාන් 21-0, මහීෂ් තීක්ෂණ 49-2 ළහිරු කුමාර 50-2, කසුන් රාජිත 31-3
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment