පන්දු යවන්නෝ ලෝඩ්ස් පිටියේ රජකරති

281

එංගලන්තයේ ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී නවසීලන්තය සහ එංගලන්තය අතර පෙරේදා (02 වෙනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය තුළ කඩුලු 17 ක් බිඳ දැමීමට දෙරටේ පන්දු යවන්නෝ සමත් වූහ.

තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 132කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වූ අතර එංගලන්ත කණ්ඩායමේ ද කඩුලු හතක් ලකුණු 116කට දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.

එංගලන්ත කණ්ඩායමේ නායකයා ලෙස බෙන් ස්ටෝක්ස් පත් කිරීමෙන් පසු පැවැති පළමු තරගය වූ මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් මැතිව් පොට්ස් සහ ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු හතර බැගින් දවා ගත්හ.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් ලකුණු 42 ක් නොදැවී ලබාගත් අතර එංගලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ ෂැක් ක්‍රෝලි ලකුණු 43 ක් ලබා ගත්තේය. පෙරේදා (02 වෙනිදා) දිනයේ අවසන් හෝරාව තුළ දී එංගලන්ත කණ්ඩායමේ කඩුලු හතම දවාගත් නවසීලන්තය වෙනුවෙන් ටිම් සවුති, ටේ‍රනේට් බෝල්ට් සහ කයිල් ජැමීසන් අතර කඩුලු 2 බැගින් බෙදී ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment