පන්දු රැකීමේ පුහුණුකරුට කොරෝනා: මිකී ආතර් ඇතුළු 3 ක් නිරෝධායනයට

248

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර්, පිතිහරඹ පුහුණුකරු ග‍්‍රාන්ට් ෆ්ලවර් සහ භෞත චිකිත්සක බ්‍රෙට් හැරප් යන මහත්වරුන් නිරෝධායනයට යොමු කර ඇතැයි වාර්තා වේ.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරුවා වන ෂේන් මැක්ඩමොට් මහතා හට කොවිඞ් 19 වෛරසය ආසාදනය වීම පදනම් කරගෙන ඔහු හා සමීප ආශි‍්‍රතයින් ලෙස වාර්තා වූ මිකී ආතර් මහතා ඇතුළු පිරිස නිරෝධායනයට ලක් කර ඇත.

කෙසේ වෙතත් එය තරගයට බාධාවක් ලෙස නොසැලකෙන අතර යොදා ගත් පරිදි හෙට තරගය පැවැත්වීමට නියමිත බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

කෙසේ වෙතත් අද සියලූ කී‍්‍රඩකයන් සහ පුහුණුකරුවන් ඇතුළු කාර්ය මණ්ඩලය අද (20 වැනිදා* දිනයේ නැවත කොරෝනා පරීක්ෂාවකට භාජනය කිරීමට නියමිත වේ.

advertistmentadvertistment
advertistmentadvertistment