පන්නල කුණු මාළු ගබඩාව එස්.ටී.එෆ්. දැලේ

553

විවිධ වර්ගයේ මාළු කිලෝ 255 ක් විකිණීම සඳහා ගබඩා කරලා

මිනිස් පරිභෝජනයට නුසුදුසු විශාල මත්ස්‍ය ගබඩාවක් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පෙරේදා (01 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී.

පන්නල පොලිස් වසමේ ඔල්සන් පාර, පන්නල ලිපිනයේ පිහිටි ආයතනයක විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීමකදී මෙම පරිභෝජනයට නුසුදුසු මත්ස්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු විවිධ වර්ගයේ මාලු කිලෝ 255 ක් අලෙවි කිරීමට ගබඩාකර සිටි 30 හැවිරිදි වියේ පසුවන පන්නල, අනුක්කනේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. එම්. එන්. එස්. කේ. රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වෙත භාරදී ඇත. රස පරීක්ෂක වාර්තාවන් ලැබෙන තුරු එම ස්ථානය තාවකාලිකව මුද්‍රා තැබීමට කටයුතු කර ඇත.

විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ. ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී එච්. එම්. කීර්ති විජේසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ ගෝනහේන කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. එම්. එන්. කේ. මාරසිංහ ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකරන ලදී.

ප්‍රභාත් විතාන, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment