පන්නිල ශී‍්‍ර ආනන්ද නාහිමියන්ගේ කෝටි තුනක වියදමකින් මීරිගම විදුහලකට තුන්මහල් ගොඩනැගිල්ලක්

294

රුපියල් කෝටි තුනක පමණ වියදමින් මීරිගම බණ්ඩාරනායක මහා විද්‍යාලයේ ඉදි කළ තුන්මහල් පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම සිදුවිය.

මෙම ගොඩනැගිල්ල අත්තනගල්ල අරහත්ත රජමහා විහාරාධිපති සීනාදී සිව් කෝරළයේ ප‍්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ශී‍්‍ර ආනන්ද නාහිමිපාණන් වහන්සේගේ ධන පරිත්‍යාගයෙන් ඉදිවූ විශාලතම පාසල් ගොඩනැගිල්ලයි. ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය අග්ගමහාපණ්ඩිත මකුලෑවේ විමල නාහිමියන්, සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් සහ ෂඔභ විධායක අධ්‍යක්ෂ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි අතින් ගොඩනැගිල්ල විවෘත කෙරිණි.

පන්නිල ශී‍්‍ර ආනන්ද නාහිමියන්ගේ කෝටි තුනක  වියදමකින් මීරිගම විදුහලකට තුන්මහල් ගොඩනැගිල්ලක්

අතිපූජනීය මහා සංඝරත්නය, මැති ඇමතිවරුන්, සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ ඇතුළු විද්වතුන්, සම්භාවනීය අමුත්තන්, විදුහල්පතිතුමා සහ හිටපු විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය, ආදි සිසුන්, මාපියන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ. මේ අතර පන්නිල ශ‍්‍රී ආනන්ද නායක ස්වාමීන් වහන්සේගේ 75 වැනි ජන්ම දින සැමරුමද පසුගියදා යෙදී තිබිණි.

පන්නිල ශී‍්‍ර ආනන්ද නාහිමියන්ගේ කෝටි තුනක  වියදමකින් මීරිගම විදුහලකට තුන්මහල් ගොඩනැගිල්ලක්

නාහිමිපාණන් විසින් දැයේ දරුවන්ට ලබා දෙන 29 වන පාසල් ගොඩනැගිල්ල පරිත්‍යාග කිරීම නාහිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන් එදින සිදුවිය. පොලොන්නරුව ශාන්තනිකේතනාරාමාධිපති දොම්පේ ශාන්තිවීහාරී ස්වාමින්වහන්සේගේ ආරාධනා මත ආරක්ෂක සේනා නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් පී. එම්. එල්. චන්ද්‍රසිරි, නිව්රත්න සමූහ ව්‍යාපාරයේ අධිපති ලංකේශ්වරගේ මිත‍්‍රපාල යන මහත්වරු ඇතුළු මහ සංඝරත්නයේ මෙන්ම ගිහි ජනතාව අවස්ථාවට සම්බන්ධ විය.

advertistmentadvertistment
advertistmentadvertistment