පන්නෙයි පාලම මත සෙල්පි ගත් තරුණයා මුහුදට ඇදවැටී අතුරුදන්

246

යාපනයේ තරු පන්ති හෝටලයක සේවය කරන තරුණයෙකු යාපනයේ නාගදීප පාරේ පන්නෙයි පාලම අසල සෙල්ෆි ඡුායාරූප ගමිනින් සිටියදී 8 දා සවස එම පාලමෙන් මුහුදට වැටී අතුරුදන් වී ඇතැයි යාපනය පොලීසිය ස`දහන් කරයි.

අතුරුදන් වූ පුද්ගලයා එස්.ගෞතමම් නමැති 31 හැවිරිදි තරුණයෙකු බවට හ`දුනාගෙන ඇති අතර ඔහු සෙවීම ස`දහා නාවික හමුදාව හා පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත් කොට තිබේ. පළාතේ ධීවරයෝද මේ ස`දහා ඉදිරිපත් වී ඇතත් අතුරුදන් වූ පුද්ගලයාගේ

සිරුර තවමත් හමු වී නොමැත. යාපනය පොලිසිය සිද්ධිය පිළිබ`ද පරික්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment