පන්ලක්‍ෂයක ජන සමූහයක් සංහාරය කිරීම ගැන  හිටපු කාම්බෝජ නායක කියු සම්පන් වරදකරු වෙයි

364

අධිකරණය අභියාචනය ඉවත දමයි

 පන්ලක්‍ෂයකට අධික ජන සමූහයක් සංහාරය කළ හිටපු කාම්බෝජ නායක කියු සම්පන් ජනසංහාරයට වරදකරු යැයි ජාත්‍යන්තර යුද අධිකරණය තීරණය කර ඇත.

 ඔහු ඉදිරිපත් කළ අභියාචනයද ප්‍රතික්‍ෂේප කෙරුණි. 91 හැවිරිදි වියේ පසුවන කියු සම්පන් කාම්බෝජයේ කමර් රූජ් සංවිධානයේ නායකයායි.

 ඔහුට එරෙහි නඩු විභාගය පැවැත්වීමට ඩොලර් මිලියන 330 ක් වැයවී තිබේ. ජන සංහාර චෝදනාව ඉවත දැමීම සඳහා ඉදිරිපත් කළ කරුණු පිළිගත නොහැකි බව අධිකරණය ප්‍රකාශ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment