පන්සලෙන් ලක්ෂ හයක් උස්සා හිටපු හමුදා සෙබළා නුවරඑළි ගිහින් පාටි දාලා

446

පානදුර ප්‍රදේශයේ විහාරස්ථානයක අල්මාරියක තිබූ විශාල මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් හිටපු හමුදා සෙබළකු අත්අඩංගුවට ගැනීමට පින්වත්ත පොලිසිය සමත්ව ඇත.

පින්වත්ත, නාරංපිටිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.

පැමිණිලිකාර හිමි සැතපෙන කාමරයේ අල්මාරියේ අයිස්ක්‍රීම් බාස්කට් එකක තිබූ හාරලක්ෂ පනස්දහසක මුදලක් සහ ලිපි කවරයක බහාතිබූ මුදලක් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හිමිගේ මුදල් පසුම්බියේ තිබූ පනස්දහසක් සහ ලිපි කවරයේ තිබූ විසිදහසක්ද සොරකම් කර ඇති බවට හෙළිව තිබේ. දින කිහිපයකට පෙර විහාරස්ථානයට පැමිණ ඇති සැකකරු පන්සලත් සමග හිතවත්ව දැඩි විශ්වාසයක් ගොඩනගා ගැනීමෙන් පසු සොරකම සිදුකර ඇතැයිද සදහන් වේ. මුදල් සොරකම් කර ඇති සැකකරු සුපිරි වෙළෙඳ සංකීර්ණ වෙතින් වටිනා ඇදුම් පැළදුම් සහ සුවඳ විළවුන් වර්ග මිලදී ගෙන ඇති බවත්, එදිනම මිතුරන් සිව්දෙනකු සමග නුවරඑළිය ප්‍රදේශයට ගොස් සංචාරක හෝටලයක නැවතී රිසි සේ විනෝද වී මුදල් සියල්ල වියදම් කර ඇති බවටත් මෙතෙක් කළ පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයි පරීක්ෂණ සිදුකරන පොලිස් නිලධාරියෙක් කීය. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. පානදුර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, ස.පො.අ. නිශාන්ත සේනාරත්න, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික සිල්වා මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හේරත් සහ සාජන් මේජර් ජයසිංහ පරීක්ෂණ සිදුකරති.

ආර්.ඒ.එස්.ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment