පපුවේ අමාරුවට ප‍්‍රතිකාර ගැනීමට ගිය 31 හැවිරිදි තරුණයා රෝහල පෙනි පෙනී ඇද වැටී මරුට

293

පපුවේ ඇතිවූ වේදනාවකට ප‍්‍රතිකාර ගැනීම සඳහා අසල්වැසියෙකු සමග යතුරු පැදියෙන් රෝහලට යමින් සිටි පුද්ගලයෙකු රෝහල ඉදිරිපිටදීම යතුරුපැදියෙන් වැටී පෙරේදා (06* සවස මියගොස් ඇතැයි බද්දේගම පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ ඇත්කඳුර ජනඋදාන ගම්මානයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුට ඇතිවූ පපුවේ අමාරුවක් නිසා අසල්වැසි තරුණයෙකුගේ

යතුරුපැදියේ පිටුපස වාඩිවී රෝහලට යමින් සිටියදී බද්දේගම රෝහල ආසන්නයේදීම යතුරු පැදියෙන් වැටී මියගොස් ඇත. මියගිය අයගේ මළසිරුර බද්දේගම රෝහලේ තැන්පත් කර ඇති අතර පී.සී.ආර්. පරීක්ෂණය සිදුකර එම වාර්තාව ලැබුන පසු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි.

අහංගම – සුගතපාල දියගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment