පමා කළ මහපොළ දෙනු…

91

මාස ගණන් ප්‍රමාද කළ මහපොළ ශිෂ්‍යාධාර වාරික වහා ලබාදෙන ලෙසත්, වැඩි කළ නේවාසික ගාස්තු අඩු කරන ලෙසත් රජයට බලකරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුහු විශාල පිරිසක් කොළඹ විශ්වවවිද්‍යාලය ඉදිරිපිට සිට පාගමනින් විශ්වවවිද්‍යාල මන්දිරය ඉදිරියට ගොස් පැය 2 කට අධික කාලයක් විරෝධතාවක ඊයේ (9දා) දහවල් නිරත වූහ.

කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙය සංවිධානය කර තිබිණි. මෙම ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් ඉදිරියේදී දැවැන්ත විරෝධතාවයකට එළැඹෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හිරුණ හෙට්ටිආරච්චි ‘දිවයින’ට පැවැසීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment