පමා නොවී කිරුළ දිනූ එමා

219

Met Gala විලාසිතා දැක්මටත් යයි

 එමා රඩුකානු වයස අවුරුදු 18 යි. ලාබාල වයසේදීම බි‍්‍රතාන්‍ය රැුජිනගෙන් සුබපැතුම් ලැබූ ක‍්‍රීඩිකාවක් වන ඇය ගැන ඔබ මීට පෙර අසා නොතිබෙන්නට ඇත. රැුජිනගෙන් සුබපැතුම් ලබමින්, ඩොලර් ලක්‍ෂ ගණන් උපයමින් බි‍්‍රතාන්‍යය පමණක් නොව ලෝකයම සිය වස`ගයට ගන්නට මේ පුංචි ක‍්‍රීඩිකාව පසුගිය සෙනසුරාදා සමත් වුණා. ඒ ඇමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවය ජය ගනිමින්. ඇමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාව ජය ගැනීම විශාල ජයග‍්‍රහණයක් වුවත් එමා ගේ ජයග‍්‍රහණය සුවිශේෂී එකක් වුණා.

 මේ ජයග‍්‍රහණය සටහන් වුණේ බි‍්‍රතාන්‍ය ටෙනිස් ක‍්‍රීඩිකාවක් වසර 44 කට පසුව ලද පළමු ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ජයග‍්‍රහණය ලෙසයි. මීට පෙර 1977 වසරේදී වර්ජිනියා වේඞ් ‘විම්බල්ඩන්’ කිරුළ දිනාගෙන තිබුණා. එතැන් පටන් හිස්ව තිබුණු ග‍්‍රැන්ඞ් ස්ලෑම් ටෙනිස් කිරුළක බි‍්‍රතාන්‍ය හිඩැස මකන්න එමා ට හැකිවුණා. ඉන් බි‍්‍රතාන්‍ය ජාතිකයන් පමණක් නොව බි‍්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැුජිනද ඉමහත් ප‍්‍රීතියට පත්වුණා. සිය තුටු වදන් එකතු කර රැුජින එමාට මෙහෙම ලියා තිබුණා.

 ‘‘ඔබේ සාර්ථකත්වය පිළිබඳ මම ඔබට සුබපතනවා. මේ ජයග‍්‍රහණය අමරණීයයි. මෙතරම් අඩු වයසකදී මෙවැනි ජයග‍්‍රහණයක් හිමිවුණේ ඔබේ කැපවීම සහ ධෛර්යය නිසා. මේ සුබපැතුම් පිළිගන්න.’’

 දෙවැනි එලිසබත් රැුජිනගේ ආශිර්වාදාත්මක වදන් සහිත සංදේශය තරගය නිමාවී කෙටි කාලයක් ඇතුළත එමා වෙත ලැබුණා. ඒ පිළිබඳව එමා ඉමහත් ප‍්‍රීති ප‍්‍රමෝදයට පත්වුණා. රැුජිනගේ සංදේශය පිළිබඳව එමා මාධ්‍යයට මෙසේ ප‍්‍රකාශ කළා. එය අදහා ගැනීමටත් අමාරුයි. එය අතිවිශිෂ්ඨයි. එතුමියට මගේ හදපිරි ගෞරවය හා ප‍්‍රණාමය පුද කර සිටිනවා. මගේ ජයග‍්‍රහණයට මෙතරම් ගෞරවයක් ලබාදීම සම්බන්ධයෙන්. ඊට වඩා දෙයක් මට තවත් නැහැ. මම ඉක්මනින්ම ඒ සංදේශය රාමුකර මගේ කාමරයේ තබනවා.

 එමා රුඩුකානු ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසාන මහ තරගය ක‍්‍රීඩා කළේ ලයිලා ෆර්ඩිනැන්ඞ්ස් නම් ක‍්‍රීඩිකාව සමගයි. ඇය කැනේඩියානු ක‍්‍රීඩිකාවක්. එමා රඩුකානුගේ මෙම අවසන් මහ තරගය නැරඹීම සඳහා බි‍්‍රතාන්‍යයේ බි‍්‍රතාන්‍ය ටෙනිස් වීරවරියක් වූ වර්ජිනියා වෙඞ් සහ බි‍්‍රතාන්‍ය ටෙනිස් වීරයකුව සිටි ටිම් හෙන්මන්ද නිව්යෝර්ක්හි ආකර් ඈෂ් ටෙනිස් පිටියට පැමිණ සිටියා. ඒ පිළිබඳව එමා පැවසුවේ ඉන් තම ධෛර්යය තවත් වැඩි වූ බවයි. ඒ කෙසේ වෙතත් එමාගේ දෙමවුපියන්ට නම් එමා මෙම ජයග‍්‍රහණය ලබන විට සිය දියණිය ළඟ ඉන්න ලැබුණේ නැහැ. කොවිඞ් සංචරණ සීමා මධ්‍යයේ එමාගේ දෙමවුපියන්ට නිව්යෝර්ක්වලට පැමිණීමට අවසර ලැබුණේ නැහැ.

 තරගය නිමාවුණු ගමන්ම මම දෙමවුපියන්ට කතා කළා. ඔවුන්ට කතා කරන තුරු මට ඉස්පාසුවක් තිබුණෙ නැහැ. ඔවුන්ට හරිම සතුටුයි. ආඩම්බරයි. මගේ ජීවිතයට විශාලම ශක්තිය වුණේ මගේ අම්මා සහ තාත්තායි. කුඩා කාලයේ පටන්ම ඔවුන් මාව මානසිකව ශක්තිමත් කළා. ඒ වගේම ඊටත් කුඩා කාලයේදී ඔවුන් මං සම්බන්ධව ටිකක් තදින් හිටියා.

පමා නොවී කිරුළ දිනූ එමා



 ඇමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවය සඳහා පැමිණෙන විට එමා ශ්‍රේණිගත කිරීම්වල සිටියේ 150 වැනි ස්ථානයේ. දැන් ඇය ලොව අංක 23 ට ශ්‍රේණිගතව සිටින ක‍්‍රීඩිකාව බවට පත්වෙලා. අංක 150 ට ශ්‍රේණිගතව සිටි ක‍්‍රීඩිකාවක් ලොව ප‍්‍රධාන පෙළේ ග‍්‍රැන්ඞ්ස් ස්ලෑම් ටෙනිස් ශූරතාවයක් ජයග‍්‍රහණය කරයි කියා ඔබ අප නොසිතනවා මෙන්ම එමාද ඒ ගැන බලාපොරොත්තුවක් තබා තිබුණේ නැහැ.

 මම හීනෙකින්වත් හිතුවේ නැහැ මෙතනට එන්න ලැබෙයි කියලා. කෙසේ වෙතත් ඇමෙරිකානු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග තුනම ඇය ජයග‍්‍රහණය කළා. එහිදී ඇය එක වටයක්වත් පරාජය වුණේ නැහැ. ඉන් පසුව පැවැති ප‍්‍රධාන පෙළේ තරගාවලියේදීත් ඇය එකම වටයක්වත් පරාජය වුණේ නැහැ. ඊට තරග 7 ක් ඇතුළත් වුණා.

 මේ ජයග‍්‍රහණයෙන් පසුව එමාට නිමා නොවන තරම් කිත් පැසසුම් ලැබුණා. ඒ වගේම ආරාධනා ලැබුණා. ඒ අතරින් ප‍්‍රධාන තැනක් ගන්නේ වෝග් සඟරාව විසින් සංවිධානය කරන ලද කීර්තිමත් පුද්ගලයන් විලාසිතා ලොවට ආරාධනා ලබන විලාසිතා දැක්මට එමාටත් ආරාධනා ලැබීමයි. සෙනසුරාදා ඇමෙරිකානු විවෘත ටෙනිස් ශූරිය වූ එමා සඳුදා විලාසිතා නිරූපණ ශිල්පිණියක් වුණා. ඒ වගේම ප‍්‍රසිද්ධ වෝග් සඟරාවේ ලබන මාසයේ පළවන අලංකාර ඡුායාරූප අතරට ඇය ටෙනිස් ක‍්‍රීඩා කරන පිංතූර වගයක්ද එක් කිරීමට නියමිතව තිබෙනවා. විලාසිතා දැක්මට එක්වූ එමාගේ මුහුණ පියකරු සිනහවකින් යුතු වුණා. මුතුපට ඇමුණු බඳ පටියද, කළු පැහැති අඩි උස සපත්තු කුට්ටමද ඇයගේ විලාසිත අතර කැපී පෙනුණා.

 මීට සති තුනකට පෙර මං හිතුවේ සතියකින් පමණ මම ගෙදර ඉ`දියි කියලා. මං හිතුවේ නැහැ මම තරගාවලිය අවසානය වන තෙක් ඉ`දියි කියලා. ඒත් සති තුනකට පසුව හැම දෙයක්ම වෙනස් වෙලා. කාලය ඉක්මනින් ගතවී ගොස් මම කුසලානයක් දිනාගෙන තිබෙනවා. මේ තමයි මගේ ජීවිතයේ හොඳම ලැබීම. මම තාම මට ලැබුණු පණිවුඩවත් බැලූවේ නැහැ. තාමත් මම මේ අවස්ථාව මේ ජයග‍්‍රහණය විඳින්න කටයුතු කරනවා.

 18 හැවිරිදි එමා මාධ්‍යයට තවදුරටත් පවසා සිටියා. පේ‍්‍රක්‍ෂකයන් 23700 ක් මධ්‍යයේ එමා ලැබූ ජය වෙනුවෙන් හිමිවූ ත්‍යාග මුදල ඩොලර් ලක්‍ෂ 25 ක් පමණ වුණා. ඊට පෙර ඇය උපයා තිබුණේ ටෙනිස් ක‍්‍රීඩාවෙන් ඩොලර් ලක්‍ෂ 7 යි. එමා මේ යන ගමන අනුව නම් ඇය අනාගතයේදී කොපමණ මුදලක් උපයනු ඇත්දැයි හිතා ගන්නත් බැරි තරම් බවත් නොකියාම බැරි කාරණාවක්.


  කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment