පමා නොවී ජල බිල්පත් ගෙවන්න… මණ්ඩලය ඉල්ලයි

136

පවතින වසංගත තත්ත්වයත් සමග ජල බිල්පත් ගෙවීමේ දැඩි ප‍්‍රමාදය අඛණ්ඩ ජල සැපයුමක් පවත්වාගෙන යෑමට මහත් බාධාවක් බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු තිළිණ එස්. විජේතුංග මහතා ඊයේ (31 වැනිදා* ‘දිවයින’ ට සඳහන් කළේය.

එහෙයින් හ`දුන්වා දී ඇති නිවසේ සිට ජල බිල්පත් ගෙවීමේ පහසුකම් භාවිත කර තම බිල්පත ගෙවා සේවාව අඛණ්ඩව පවත්වාගෙන යෑමට දායක වන මෙන් සියලූ ජල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බවත්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය එදිනෙදා අත්‍යවශ්‍ය වියදම් පාරිභෝගිකයන් ජල බිල්පත් පියවීමේදී ලබාගන්නා ආදායමින් සිදුකරන බවත් සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.

මණ්ඩලය ජලය සඳහා අය කරන්නේද ඉතා සහනදායි මුදලක් බවත්, බිල්පත්වලින් සියයට හැත්තෑවක් පමණ ප‍්‍රමාණයකින්ම අයකරන්නේ ජල ඒකකයක් සඳහා වැය වන මුදලට වඩා ඉතා අඩු ප‍්‍රමාණයක් බවත් හෙතෙම සඳහන් කළේය. එවන් පසුබිමක මණ්ඩලයට ආදායමක් නොලැබීම සේවාව අඛණ්ඩව පවත්වාගෙන යෑමට මහත් අභියෝගයක් වී ඇති බව කී හෙතෙම පාරිභෝගිකයන් මේ මොහොතේ ජල බිල්පත් ගෙවා සිදුකරනුයේ ජාතික යුතුකමක් බවත් පැවසීය.

NWSDB Self Care APP / NWSDB Smart Pay App ජංගම යෙදවුම් මගින් හා www.waterboard.lk/ Bill Pay online වෙබ් අඩවිය හරහා කිසිදු අමතර ගාස්තුවකින් තොරව ජල බිල්පත් ගෙවීමට පහසුකම් සලසා ඇති බවත් සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේය.

ඉහත සඳහන් ක‍්‍රමවලට අමතරව වෙනත් මූල්‍යමය ආයතන විසින් හ`දුන්වාදී ඇති ජංගම යෙදවුම් වෙබ් අඩවිය හා අන්තර්ජාල බැංකු සේවා හරහාද ජල බිල්පත් පියවිය හැකි බවත්, මීට අමතරව නිරෝධායන නීති යටතේ අයකැමි කවුන්ටර් විවෘත කිරීමටද කටයුතු කර ඇති බවත් සඳහන් කළ හෙතෙම මුදලින්, චෙක්පත් මගින් හා කාඞ්පත් මගින් ගෙවීම් සිදු කළ හැකි බවත් කීවේය.

තවද ජල බිල්පතෙහි ගිණුම් අංකය සඳහන් කර 0719399999 අංකංයට SMS කොට බිල්පත් හා අදාළ සියලූ තොරතුරු කෙටි පණිවිඩ මගින් ලබා ගැනීමට හැකි බවත් ඒ මහතා පැවසීය.

ජලසම්පාදන මණ්ඩලයේ ගිණුම්වලට සෘජු තැන්පත් (Direct Deposit) කිරීමේ පහසුකම්ද සමූහ බිල්පත් (Group Bill) පහසුකම් ද සලසා ඇති බවත් වැඩිදුර විස්තර සඳහා 0112-623623 අමතා ලබාගත හැකි බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු තිළිණ විජේතුංග මහතා වැඩිදුරටත් ‘දිවයින’ට සඳහන් කළේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment