පයින් ගැසූ හමුදා ලොක්කා ගැන පොලිස් පරීක්‍ෂණ නෑ

324

කුරුණෑගල ප්‍රදේශයේ ඉන්ධන පෝලිමකදී හමුදා නිලධාරියකු විසින් පුද්ගලයකුට ප්‍රසිද්ධියේ පා පහරක් එල්ල කිරීමේ සිද්ධිය පිළිබඳව පොලිස් පරීක්‍ෂණයක් මෙතෙක් ක්‍රියාත්මක කර නැත.

මේ පිළිබඳව ‘දිවයින’ කළ විමසීමකදී කුරුණෑගල පොලිස් බල ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසුවේ එම පා පහරට ලක්වූ පුද්ගලයා ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි නොකළ බවත් පොලිසිය මැදිහත්වී සිද්ධිය සමථයකට පත්කර ඇති බවත් ය.

මේ අනුව සිද්ධිය පිළිබඳව පොලිස් පරීක්‍ෂණයක් ක්‍රියාත්මක කර නොමැති බව ද හෙතෙම පැවසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment