පරණවිතානයන්ගේ 49 වන ගුණ සමරුව ගාල්ල කොටු පවුරදී

116

හිටපු පුරා විද්‍යා කොමසාරිස්වරයෙකු වන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ 49වන ගුණ සමරුව නිමිත්තෙන් ගාල්ල කොටු පවුර ඉදිරිපිට ඇති ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක් ජාතක උරුමයන් ප‍්‍රසාංගික

කලා හා ග‍්‍රාමීය කලා ශිල්පි ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා(04* සවස පැවැත්විණි.

මෙම අවස්ථාවට පුරා විද්‍යා කොමසාරිස් මහාචාර්ය අනුර මනතුංග, ගාල්ල දිස්ත‍්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ, කඩවත් සතර ප‍්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර, ගාල්ල නගරාධිපති ප‍්‍රියන්ත සහබන්දු, ගාලූ උරුමය පදනමේ සභාපති පරාක‍්‍රම දහනායක යනමහත්ම මහත්මින් ඇතුලූ පිරිසක් සහභාගි වූහ.

වංචාවල ගැමුණු චන්ද්‍රලාල්, අහංගම සුගතපාල දියගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment