පරණ කෝන්තර අමතක කර රට ගොඩගන්න එක්වන්නැයි ජනපති ඉල්ලයි

112


රට තුළ පවතින ආර්ථික අර්බුදය විසඳාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1ත් 3ත් අතර මුදලක්ද , ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් ද ලෝක බැංකුවෙන් ද ණය මෙම වසර අවසාන වීමට පෙර ලබාගන්නා බවත් චීනය,ඉන්දියාව සහ ජපානය සමග සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.කිසිවකුත් රට වැටී ඇති මොහොතේ ජනාධිපතිධුරය භාරගැනීමට ඉදිරිපත් නොවූ මොහොතේ තමා රට බාරගත්තේ ජනතාවගේ අනාගතය ගැන සිතා බවත් කීවේය.එක්තරා පිරිසක් රට කඩාවැටී විනාශවනවා දැකීමට සූදානමින් සිටින බවත් ඉන් දේශපාලන වාසි ලබා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වන බවත් කීවේය.එනිසා එවැනි පටු අරමුණුවලින් ඉවත්ව රට ගොඩ නැගීම සඳහා පරණ කෝන්තර අමතක කර එකට එක්වන ලෙස නැවත වරක් සියලු දෙශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බවද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment