පරණ ප‍්‍රභූ වාහන හදා එස්.ටී.එෆ්. මිලියන 67.5 ක් ඉතිරි කරයි

340

ප‍්‍රභූ ආරක්‍ෂක රාජකාරි සිදුකර භාවිතයෙන් ඉවත් කරන ලද රථ කීපයක් අලූත්වැඩියා කර රජයට රුපියල් මිලියන 67.5 ක මුදලක් ඉතිරි කර දීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ රථවාහන කොට්ඨාශයේ නිලධාරීහු සමත් වූහ.

එම අලූත්වැඩියා කරන ලද රථ අතර ලෑන්ඞ් රෝවර් රථ 4 ක්, ප‍්‍රභූ ආරක්‍ෂාකාරී කටයුතු සිදුකිරීමේදී යොදා ගන්නා අධිවේගී ගිලන් රථයක්, යතුරුපැදි 2 ක්, පසුගිය යුද සමයේ භාවිත කළ ඒ. පී. සී. රථයක් වන බව ද එම බළකාය කියයි.

මෙම රථවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 75 ක් පමණ වේ.

පරණ ප‍්‍රභූ වාහන හදා එස්.ටී.එෆ්. මිලියන 67.5  ක් ඉතිරි කරයි

මෙම රථ එංගලන්තයේ නිෂ්පාදිත රථ වේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු අධ්‍යක්‍ෂ ප‍්‍රවාහන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සරච්චන්‍ද්‍ර පෙරේරා මහතාගේ සෘජු අධීක්‍ෂණය යටතේ ප‍්‍රවාහන කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම අලූත්වැඩියා කටයුතු සිදුකර තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයේදී නවීකරණය කරන ලද වාහන මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා නිරීක්‍ෂණය කළේය. එම අවස්ථාවට පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, පොලිස් විශේෂ කාර්ය බළකායේ අධ්‍යක්‍ෂ ප‍්‍රවාහන සහකාර පොලිස් අධිකාරි වත්තේගෙදර යන මහත්වරු හා ප‍්‍රවාහන කොට්ඨාසයේ නිලධාරීහු සහභාගි වූහ.

ප‍්‍රභාත් විතාන සහ ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment