පරණ මස් කඩය වැහෙයි අලූත් කඩයක් ඇරඹෙයි

398

පිංපියකු වෙතින් මුදලට ලබාගත් පසළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ චෝදනාව යටතේ නැව් කප්පිත්තෙක්ද, මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිද, සල්ලාලයන් තවත් ගණනාවක් ද මේ වනවිට රිමාන්ඞ් කර ඇත. (පිම්පියා යනු කුණුහරුපයක් නොවන බව අප මේ තීරුවෙන් මෙයට පෙර තේරුම් කර දී ඇත.) දූෂණ සිද්ධියේ තවත් සම්මාදම්කාරයකු වූ නාවික හමුදා ශල්‍ය වෛද්‍යවරයෙක් ද ඇතුළට ගිය බව දැනගන්නට තිබේ. මේ අතර දැරිය කෙලසූයේ යැයි කියන සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරයෙක්, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත‍්‍රීවරයෙක්, රූපවාහිනී ශිල්පීන් කිහිපදෙනෙක්, හිටපු පොලිස් ලොක්කෙක්, ඉන්න පොලිස් ලොක්කෙක්, චීවරධාරීන් දෙදෙනෙක් ඇතුළු රැුසකගේ නම් මේ දිනවල සමාජ ජාලා ඔස්සේ හුවමාරු වෙමින් පවතී. මෙකී කතන්දර ඇත්ත නම් මේ අසරණ දැරිය මාස තුනක් හෝ හතරක් වැනි කෙටි කාලයක් තුළ ඉදිරි ආත්ම තිහකට හෝ හතළිහකට ප‍්‍රමාණවත් වන තරම් ලිංගික ක‍්‍රියාවන්හි යොදවනු ලැබ ඇත. පුරා හාර මාසයක් තිස්සේ ඇය වෙතින් පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගන්නා ලද එකම වැඬේ මෙය බව පැහැදිලිය. සමාජ ජාලාවල නම් ලැයිස්තුවේ සිටින ප‍්‍රභූවරුන් මේ පාපකර්මයට සම්මාදම් නොවී නම් වහාම ඒ පිළිබඳ ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයක් කළ යුතුය. ඉන්පසු නෛතික ක‍්‍රියාමාර්ගයකට යා යුතුය. නොඑසේ නම් අපට පිළිගැනීමට සිදුවන්නේ නම් ලැයිස්තුවේ සිටින සියලූම දෙනා තිත්ත කුපාඞීන් බවත් අසරණ දැරිය කෙලෙසූ දුෂ්ට පාපීන් බවත්ය.

පසළොස් හැවිරිදි බාල වයස්කාර දැරිය විකිණීම සඳහා අන්තර්ජාලයේ තිබූ ලංකා ඇඞ්ස් නමැති වෙබ් අඩවියේ දැන්වීම් පළකර තිබිණ. ලංකා ඇඞ් යනු අවුරුදු දෙකක් පමණ පැරණි වෙබ් අඩවියකි. තරුණියන් බාල වයස්කාර දැරියන් පිරිමින් සමලිංගිකයන් සහ නපුංසකයන් ඇතුළු පන්දහසකට වැඩි පිරිසක් මේ වෙබ් අඩවිය ඔස්සේ වෙළෙඳ භාණ්ඩ ලෙස විකුණන ලදී. විකිණීමට සිටින සෑම තරුණියකගේම වර්ණ පින්තූරයක් වෙබ් අඩවියේ පළවිය. එම පිංතූරවලට එකී තරුණියන් පෙනී සිට තිබුණේ එක්කෝ ඇඟ වැහෙන ඇඳුම්වලිනි. නැත්නම් යට ඇඳුම් වලිනි. නොඑසේ නම් අමු හෙළුවෙනි. මේ කාන්තාවන්ගෙන් 95% කගේ පමණ මුහුණ වසා ඡායාරූප ගෙන තිබිණ. මේ වෙබ් අඩවියේ අයිතිකාරයා පරිගණක ඉංජිනේරුවකු වූ මාකේවෙල ගෙදර ධනුක කෞශල්‍ය ය. තිදරු පියකු වූ ඔහු දනට බණට පිරිතට මහත් සේ ප‍්‍රිය කළ බව ආරංචි ය. ඔහු මේ වෙබ් අඩවිය හරහා මසකට රුපියල් පනස් ලක්ෂයක් පමණ උපදවන්නට ඇති බව පෙනේ. ධනුක කෞශල්‍ය අද රිමාන්ඞ් හිරගෙදර සිටින අතර ජනාධිපති නීතිඥයකු හරහා ඇප ලබා ගැනීමට පුදුම තැටමිල්ලක් තටමයි. එහෙත් අධිකරණයේ සාධාරණභාවයත් පොලිසියේ සෘජුභාවයත් නිසා ධනුක කෞශල්‍යට සිදුවිය යුතු දේ සිදුවෙමින් පවතී. ලිංගික කටයුතු සහ ගණිකා වෘත්තීය සඳහා කාන්තාවන් විකුණන්නා පිංපියකු නම් එවැනි කාන්තාවන් දහස් ගණනක් විකිණීමට තබා තිබෙන වෙබ් අඩවියක අයිතිකරු ප‍්‍රමුඛ පිංපියකු හෙවත් Prime Pimp කෙනකු ලෙස හැඳින්විය හැකිය. ධනුක කෞශල්‍යගේ නීතිඥයා විත්තිකරුට ඇප ලබාගැනීම සඳහා වැදගත් තර්කයක් ගෙනෙයි. තම සේවාදායකයාගේ වෙබ් අඩවියේ සදාචාර සම්පන්න භාවයක් නැති බව නීතිඥයා පිළිගනී.

එහෙත් එම දැන්වීම් නීති විරෝධී නැති බවද ඔහු කියයි. ඊබේ වැනි වෙබ් අඩවිවල ලෝකය පුරාම විකිණීම සඳහා භාණ්ඩ ප‍්‍රදර්ශනය කරන දැන්වීම් දමන බැවින් ධනුක කෞශල්‍යගේ දැන්වීම් ද දැන්වීම් පමණක් ම බව කීමට නීතිඥයා උත්සාහ කරයි. මෙවිට ගරු මහෙස්ත‍්‍රාත්වරිය කියා ඇත්තේ විත්තිකරු විසින් විකුණා ඇත්තේ බඩු නොව කාන්තාවන් බවය. දැන්වීම් පළකිරීමට ඕනෑම කෙනකුට අයිතිය ඇත. එහෙත් එම දැන්වීම මගින් විකුණන්නේ බෝම්බ නම් එතැන තිබෙන්නේ පොලිසියෙන් තොග වශයනේ ගුටි කා අවුරුදු ගණන් හිරේ ලගින වැඩකි. කොන්ත‍්‍රාත් භාරගන්නා බවට කෙනකුට ප‍්‍රසිද්ධ දැන්වීමක් පළ කළ හැකිය. හැබැයි ඔහු භාරගන්නේ මිනී මැරීමේ, ඇසිඞ් ගැසීමේ, ගෙවල් ගිනි තැබීමේ කොන්ත‍්‍රාත් නම් දැන්වීම පළවී පැය විසි හතරක් ඇතුළත ඔහුට රිමාන්ඞ් වීමට පුළුවන. ශ‍්‍රී ලංකාව තුළ ගණිකා ව්‍යාපාරය තහනම් ය. ධනුක කෞශල්‍යගේ වෙබ් අඩවියේ තිබෙන තරුණියන්ගේ පිංතූර සහ ඔවුන්ගේ මිල ගණන් මගින් සිදුවන්නේ ගණිකා වෘත්තීය ප‍්‍රවර්ධනය කිරීමය. මෙකී ප‍්‍රවර්ධන කටයුත්ත සිදුකරන ප‍්‍රමුඛ පිංපියා හෝ දෙවන පෙළ පිංපියා හෝ වෙනත් ඕනෑම පිංපියකු ගණිකා වෘත්තියට අනුබලදීමේ චෝදනාවට ලක්වෙයි. නීතිඥයා ඔළුවෙන් හිටගෙන කරුණු දැක්වුවද එය එසේමය.

ලංකා ඇඞ්ස් හා සමාන තවත් වෙබ් අඩවියක් අන්තර්ජාලයේ තිබේ. එහි නම nastyads.com ය. ධනුක කෞශල්‍ය කළ මස් විකිණීමේ කුණු වෙළෙඳාම මේ වෙබ් අඩවිය මගින්ද ඒ හැටියටම කරයි. එහෙත් මේ වෙබ් අඩවිය තවමත් තහනම් කර නැත. ධනුක කෞශල්‍ය විසින් විකුණන ලද බාල, මහලූ, තරුණ සියලූම කාන්තාවෝද පිරිමි ලිංගික ශ‍්‍රමිකයෝද මේ වන විට nastyads වෙත මාරුවී සිටිති. මෙහිදී සිදුව ඇත්තේ මීට දෙසතියකට පෙර ධනුක කෞශල්‍යගේ සාක්කුවට ගිය සල්ලි තොගය වෙනත් සාක්කුවකට මාරු වීමය. මේ වෙබ් අඩවිය තහනම් කිරීම සඳහා, විදුලි සංදේශ දෙපාර්තමේන්තුවට එක්කෝ කොන්ද පණ නැත. නැත්නම් ඔවුන් එය දැක නැත. විදුලි සංදේශ නියාමන කොමිසම පවතින්නේ ජනාධිපතිතුමා යටතේය. මේ කාරණයේදී විදුලි සංදේශ නියාමන කොමිසමෙන් සාධාරණයක් ඉටු නොවන නිසා ප‍්‍රශ්නයට විසඳුම අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලමු.

advertistmentadvertistment
advertistmentadvertistment