පරණ ලේකම්ලා තිදෙනෙක් පුටුවේම ඇලවිලා

333

අමාත්‍යාංශ කිහිපයකට නව ලේකම්වරුන් ජනාධිපතිවරයා විසින් පත් කිරීමෙන් පසුව ද හිටපු ලේකම්වරියන් තිදෙනකු, සිය පත්වීම අවලංගු වුවද, ඊට පසුදා ද තමන් කලින් සේවය කළ අමාත්‍යාංශයේ සේවය සඳහා වාර්තා කර තිබේ.

වසන්තා පෙරේරා (විදුලිබල), කේ. ඩී. ආර්. ඔල්ගා (බලශක්ති), භද්‍රානි ජයතිලක (වෙළෙඳ හා වාණිජ) මෙසේ තමන් කලින් සේවය කරන ලද අමාත්‍යාංශයන් හි පසුදා ද රාජකාරි කටයුතුහි යෙදුණු බව වාර්තා වේ.

අදාළ අමාත්‍යාංශ සඳහා පත්වූ නව ලේකම්වරුන් වෙත වැඩ භාර ගැනීමට ඉඩ නොදී, මෙසේ මෙම පිරිස සිය සේවා කටයුතු සිදුකරගෙන ගොස් තිබේ.

ඉහත අමාත්‍යාංශ තුනම අධිමිලැති ටෙන්ඩර් ගනුදෙනු ආදිය සිදුවන ස්ථාන බැවින් වංචනික ලෙස කළ කටයුතුවලට අදාළ ලේකම්වරියන් සම්බන්ධ දැයි වහාම පරීක්‍ෂණ පවත්වන ලෙස එම අමාත්‍යාංශ වෘත්තීය සමිති ඉල්ලා සිටී.

මනෝජ් අබයදීර

advertistmentadvertistment
advertistmentadvertistment