පරණ වී මිලට ගත් කෘෂිකර්මයේ දෙදෙනකුගේ වැඩ තහනම්

144

නිකවැරටිය ප‍්‍රදේශයේ වී ගබඩා දෙකක පරණ වී ගබඩා කරමින් ඇතැයි වයඹ ගොවි සංවිධානවල ගොවීන්ගෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාට ලද තොරතුරකට අනුව ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් අරඹා තිබේ.

 ඒ අනුව විගණන නිලධාරීන් සිදුකළ විමර්ශනයේදී හෙළි වූවේ අදාළ වී ගබඩා තුළ වී කිලෝ ග‍්‍රෑම් ලක්‍ෂ 15 කට ආසන්න ප‍්‍රමාණයක් ගබඩා කර ඇති අතර ඉන් වී කිලෝග‍්‍රෑම් ලක්‍ෂ 03 කට අධික ප‍්‍රමාණයක් සත්ත්ව ආහාර සඳහා යොදා ගැනෙන ඉතාමත් පරණ වී බවයි.

 මෙම නීති විරෝධී වී මිලදී ගැනීම හා ගබඩා කිරීම සිදුකළ වයඹ වැඩබලන ප‍්‍රාදේශීය කළමනාකාරවරයා සහ අදාළ ගබඩාව භාරව සිටි සහකාර ප‍්‍රාදේශීය කළමනාකරවරියගේ සේවය කාෂිකර්ම අමාත්‍යවරයාගේ නියෝගයෙන් වහාම තහනමට ලක් කෙරිණි.

 නිකවැරටිය ප‍්‍රදේශයේ ඇති එම වී ගබඩා දෙකම එදින විගණන නිලධාරීන් විසින් මුද්‍රා තබා ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ද භාරදී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment