පරවි වැල්ලේ දිය වැලකට හසුවුණු තරුණිය බේරාගත් පොලිස් ජීවිතාරක්‍ෂක නිලධාරීන්

448

තංගල්ල පරවි වැල්ල මුහුදේ කිමිදෙමින් සුරතල් මසුන් නරඹමින් සිටි පිරිසක සිටි 24 හැවිරිදි තරුණියක් දියවැලකට හසුවී මුහුදට ගසාගෙන ගිය අවස්ථාවේ ඇගේ ජීවිතය බේරා ගැනීමට පරවි වැල්ල ජීවිතාරක්ෂක නිලධාරීන් පිරිසක් පෙරේදා (16 දා) සමත් වී තිබේ.

ගම්පහ ප‍්‍රදේශයේ පදිංචි මෙම තරුණිය තංගල්ල ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන පිරිසක් සමග දිය නෑමට පැමිණ මුහුදේ කිමිදෙමින් සුරතල් මසුන් නරඹමින් සිටි අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා තිබේ.

පොලිස් ජීවිතාරක්ෂක රාජකාරියේ නියැලී සිටින තංගල්ල කොට්ඨාස ජීවිතාරක්‍ෂක ස්ථානාධිපති උ.පො.ප. නිමල් දිසානායක, පො.සැ. වරුන් වන (26518) පේ‍්‍රමසිරි, (23944) සමීර, (57820) සමීර, පො.කො. වරුන් වන (72913) රොමේෂ්, (88645) ගීත් යන නිලධාරීන් විසින් ක්‍ෂණිකව ක‍්‍රියාත්මක වී මෙම තරුණිය බේරාගෙන තිබේ. දිවි බේරාගත් එම තරුණිය සහ ජීවිතාරක්‍ෂක නිලධාරීන් පිරිස ඡායාරූපයේ දැක්වේ.

දෙබරවැව – ඒ. ඒ. පේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment