පර්ල් නැවේ ගින්නට විපක්ෂනායක ත් හවුල් වේ

163

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් සිදුවූ හානිය සඳහා වන්දි ලබා ගැනීමේ වැඩපිළිවෙළට අදාල සාකච්ඡාවක් අද (12) දින පෙරවරු 11 ට අධිකරණ අමාත්‍යංශයේදී පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාව සඳහා ඇමැතිවරුන් වන අලි සබ්රි, නාලක ලොඩහේවා, කංචන විජේසේකර යන මහත්වරුන් වන මෙන්ම ප්‍රථම වතාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එක්වීම විශේෂත්වයකි.

අදාල වන්දි ගැනීම් සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින්දා දින පාර්ලිමේන්තුව තුළ සිදුවු කතාබහකදී ඒ සඳහා තමන්ටද දායක විය හැකි යැයි පැවසූ විපක්ෂ නායකවරයා එවේලේම ඒ සඳහා දිනයක්ද ඉල්ලා ගනු ලැබිණ

advertistmentadvertistment
advertistmentadvertistment