පරාක‍්‍රම සමුදයේ බැම්ම මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට ගොවි සංවිධාන 36ක විරෝධය

226

පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රයේ බැම්ම මත ඇවිදින මංතීරුවක් හෝ වැවේ පැවැත්මට හානිකර කිසිදු ඉදිකිරීමක් සඳහා ඉඩ නොදීමට පරාක‍්‍රම සමුද්‍රය ව්‍යාපාර ගොවි සංවිධානයේ ඒකාබද්ධ රැස්වීමේදී සාමාජික ගොවි සංවිධාන 36ක සභාපතිවරුන් ඇතුළු නියෝජිතයන් පෙරේදා (28 දා)  ඒකමතිකව තීරණය කළ බව එම ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා ප‍්‍රකාශ කළේය.

වැවට අනතුරක් සිදුවන ආකාරයේ එවැනි ක‍්‍රියාවක් කවුරුන් විසින් සිදු කිරීමට සූදානම් වුවද එයට විරුද්ධව ක‍්‍රියාකිරීමට දිවි හිමියෙන් කැපවන බව ගොවි සංවිධාන නියෝජිතවරුන් පැවසූ බවද ඒ මහතා කීය.

ලෝකයේ කිසිම රටක පරාක‍්‍රම සමුද්‍රයක් නැතැයිද, එය පිහිටා තිබෙන්නේ පොලොන්නරුවේ පමණක් හෙයින් මෙම ජාතික උරුමය මතු පරපුර උදෙසා රැුකදීමේ වගකීමක් ගොවි ජනතාව ප‍්‍රමුඛ වර්තමානයේ ජීවත්වන අප වෙත පැවැරී ඇතැයිද සභාපතිවරයා කීවේය. පොලොන්නරුව නව නගරයේ පිහිටි පරාක‍්‍රම සමුද්‍රය ව්‍යාපාර අධිකාරී කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

‘‘මේ අපේ ශ‍්‍රී ලාංකීය වාපි ශිෂ්ඨාචාරයේ විශිෂ්ට ලකුණ. ලෝකයේ කිසිම තැනෙක පරාක‍්‍රම සමුද්‍රයක් ඇත්තේ නෑ. එමෙන්ම මෙවැනි විශිෂ්ට නිර්මාණ ලෝකයේ වෙනත් කිසිම රටක ඇත්තේ නෑ. පරාක‍්‍රම සමුද්‍රයක් තිබෙන්නේ පොලොන්නරුවේ පමණයි. අපේ වාරි තාක්‍ෂණය මුළුමහත් ලෝකයම මවිත කරවන්නක් බවයි විද්වතුන්ගේ පවා මතයවී තිබෙන්නේ. එවැනි විශිෂ්ට ලෝක උරුමයක් අබියස ජීවත්වන ගොවි ජනතාවක් විදියට අපට ඉමහත් ආඩම්බරයක් අභිමානයක් ඇතිවිය යුතුය යන්නයි මගේ පෞද්ගලික මතය.

අද අපගේ ව්‍යාපාර ගොවි සංවිධානයට අයත් ගොවි සංවිධාන 36ක නියෝජිතයන්ගේ රැුස්වීමක් පැවැත්වුණා. එහිදී සියලූම නියෝජිතයන් ඒකමතිකව තීරණය කළා පරාක‍්‍රම සමුද්‍රයේ ඉදිකිරීමට සැරසෙන ඇවිදින මංතීරුව සම්බන්ධයෙන් විරෝධතාව පළකිරීමට. වෙනත් වැව්වල කර තිබෙන සංවර්ධනයන් මෙවැනි මංතීරු ඉදිකිරීම් පිළිබඳව ඇතැම් අය විවිධ මත පළකිරීමට පුළුවන්. නමුත් පරාක‍්‍රම සමුද්‍රයේ වෑකන්ද, රළපනාව මෙහි අනන්‍යතාවයන් ලෙසයි අප දකින්නේ. ඒවා අත්තනෝමතික ලෙස වෙනස් කිරීමට සූදානම් වන්නේ වැවේ පැවැත්මට හෝ ගොවි ජනතාවගේ යහපත සුබසිද්ධිය උදෙසා නොවන බව අපට ඉතාම පහැදිලියි.

රජයක් විදියට ගොවි ජනතාව වෙනුවෙන් කළයුතු බොහෝ දේ තිබෙනවා. අපි ඒ පිළිබඳව රජයට යෝජනා කර තිබෙනවා. අද මේ දිස්ත‍්‍රික්කයේ ගොවි ජනතාව තමන්ගේ වී අස්වැන්න නිසි මිලකට විකුණා  ගැනීමට නොහැකිව සිටිනවා. තරගකාරී මිලකට ගොවීන්ගේ වී මිලදී  ගන්න වෙළෙඳුන් එන්නෙ නෑ. ඒ මිලදී ගන්නා වී ප‍්‍රවාහණයට අවසරයක් නෑ. වී පොලූ දාලා පොලිසිය මගින් වී ලොරි අත්අඩංගුවට ගන්නවා. මේකයි තත්ත්වය. අද ගොවියා ඉතාමත් අසරණ තත්ත්වයකට පත්වී සිටිනවා. ඒවා එහෙම තිබියදී වැවේ රළපනාව මත ඇවිදින මංතීරු ඉදිකිරීම ගොවි ජනතාවගේ අවශ්‍යතාවයක් නොවෙයි.

අලූත්වැව, දිවුලපිටිය ගොවි සංවිධානයේ සභාපති පී. කේ. ඞී. විජේරත්න මහතා ඇතුළු ගොවි සංවිධාන නියෝජිතයන් කිහිප දෙනෙක් ද මෙහිදී අදහස් දැක්වූහ.

කරුණාරත්න ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment