පරාජයට බියෙන් ආණ්ඩුව පුංචි ඡන්දය කල්දානවා – කේ. ඩී. ලාල්කාන්ත

245

ජනතාවගේ සහයෝගය නැතිව පරදින බව දන්නා නිසා ආණ්ඩුව පළාත් පාලන ආයතන මැතිවරණය කල් දාන්න යනවා යැයි ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික කේ. ඞී. ලාල්කාන්ත මහතා පැවසීය.

ජීවන වියදම් බරින් පීඩාවට පත්වී සිටින ජනතාවගේ සහයෝගය දැන් රජයට නැතැයි ද ලාල්කාන්ත මහතා පැවසීය. ණය බරට අමතරව තවත් ගැටලූ රාශියකට මුහුණපා සිටින ආණ්ඩුව දැන් බිත්තියටම හේත්තු වී තිබෙනවා යැයි ද ඔහු පැවසීය. අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයත් මිල ඉහළ යෑමත් නිසා ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්වී සිටින බව පැවසූ ලාල්කාන්ත මහතා ලබන අවුරුද්ද ලංකාවාසීන්ට සාගත වර්ෂයක් වන බව ද පැවසීය.

සිරිල් විමලසුරේන්‍ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment