පරාජයන් වැලකට පසු මුම්බායි පළමු ජය ලබයි

222

එක දිගටම ලැබූ පරාජයන් 8කට පසු මෙවර අයි.පී.එල්. තරගාවලියේ ලද පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පෙරේදා (30 වැනිදා) සමත්විය. ඒ තරගාවලියේ පැවැති 44 වැනි තරගයේදී රාජස්ථාන් රෝයල් කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත් කරමිනි.

 තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල් කණ්ඩායම නියමිත පන්දු වාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 158ක ඉලක්කයක් මුම්බායි කණ්ඩායමට ලබා දුන්නේය. ඒ අනුව ජයග්‍රාහි ඉලක්කය හඹා ගිය මුම්බායි කණ්ඩායම පන්දු වාර 19.2කදී කඩුලු 5ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර ගියේය.

 සූර්්‍යකුමාර් යාදව් පන්දු 39කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් සමගින් අර්ධ ශතකයක් වාර්තා කළේය. තිලක් වර්මා පන්දු 30කදී ලකුණු 35ක් රැස් කළ අතර මුම්බායි ඉනිමේ තෙවැනි කඩුල්ලට සූර්්‍යකුමාර් යාදව් සමගින් එක්වී ලකුණු 81ක සම්බන්ධතාවක් එක් කිරීමට සමත්විය.

 ටිම් ඩේවිඩ් පන්දු 9කදී ලකුණු 20ක් රැස් කළ අතර ඩැනියෙල් සෑම්ස් තමන් මුහුණ දුන් පළමු පන්දුවේදීම හයේ පහරක් එල්ල කරමින් මුම්බායි කණ්ඩායමේ ජයග්‍රහණය සටහන් කළේය.

 රාජස්ථාන් රෝයල් වෙනුවෙන් ලකුණු 67ක් රැස් කිරීමට ජොස් බට්ලර් සමත්විය. ඊට හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් රැස් කළේය.

 ලකුණු සාරාංශය

 රාජස්ථාන් රෝයල් පන්දු වාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 158යි (ජෝස් බට්ලර් 67, රවිචන්ද්‍රන් අශ්වින් 21, සංජු සැම්සන් 16, රියේ මෙරදිත් 24/2, රිතික් සොකීන් 47/2)

 මුම්බායි ඉන්දියන්ස් පන්දු වාර 19.2කදී කඩුලු 5ක් දැවී ලකුණු 161යි (සූර්්‍යකුමාර් යාදව් 51, තිලක් වර්මා 35, ඉෂාන් කිෂාන් 26, ටිම් ඩේවිඩ් 20, රවිචන්ද්‍රන් අශ්වින් 21/1)

advertistmentadvertistment
advertistmentadvertistment