පරිගණකයේ අසැබි දර්ශන නවතා ගන්න බැරිව ලොක්කා නාගෙන

1489

මේ කියන කාර්යාලය පිහිටා ඇත්තේ කොළඹ 07, වෝඞ් ප‍්‍රදේශයේ ය.

තරුණ තරුණියන් මෙන්ම මැදිවියේ අය ද මේ ආයතනයේ වැඩ ය.

ඉකුත් දිනක කාර්යාල පරිශ‍්‍රය වෙනත් ස්ථානයකට ගෙන ගියේ ඔය අතර ය. මේස පුටු, පරිගණක අලූත් ස්ථානවල සවි කළේ කොන්ත‍්‍රාත් සමාගමක් විසිනි.

කාර්යාල කටයුතුවලට බාධා නොවන පරිදි කාර්යාලයේ පුටු, මේස කම්පියුටර් ආදී කී නොකී දේවල් සවි කළේ සති අන්ත නිවාඩු දින දෙකේදී ය.

වැඬේ භාරගත් පිරිස දිවා රෑ නොබලා අලූත් කාර්යාල පරිශ‍්‍රය අපූරුවට සකසා දැම්මේ අඟහරුවාදා ය.

කාර්යාල සේවක සේවිකාවන් තම තමන්ට අයිති පුටුවල වාඩි වී වැඩ පටන් ගත්තේ එදින පෙරවරු 11.00ත් පසු වූ පසුව ය.

මේ කාර්යාල පරිශ‍්‍රයේ අංශ භාර ප‍්‍රධානියා ද හරිබරි ගැසී සිය වීදුරු කුටියේ පුටුව උඩ වාඩිවී පරිගණකය කි‍්‍රයාත්මක කළේය. ඔහුට පරිගණකය පිළිබඳ මහ ලොකු දැනුමක් නැත.

මුළු කාර්යාල පරිශ‍්‍රයම දෙවනත් කරමින් අසැබි දර්ශන පෙළක් දිස්වූයේ එසැනිණි.

මොන තරම් ශබ්දය වැඩිවී තිබුණේ ද යත් එම කාර්යාල පරිශ‍්‍රයේ තරුණ තරුණියන් තම තමන්ගේ මේස යටට ඔළුව ගසා ගත්තේ බොස් අමාරුවේ වැටී ඇති බව වටහා ගෙනය.

‘‘මධුශාන් මධුශාන් මෙහෙ එනවා.’’ බොස් කෑගැසුවේ කම්පියුටරයෙන් නැෙඟන ශබ්දය මැදය. මධුශාන් ගොස් අසැබි දර්ශනත් ශබ්දයත් නිවා දැමීය.

‘‘අර කොන්ත‍්‍රාත්කාරයන්ගේ ඉතිරි සල්ලි ගෙවන්න එපා’’ ආයතනයේ මුදල් කළමනාකරු වෙත ලිපියක් යොමු කළ ඔහු වරද කොන්ත‍්‍රාත්කරුවන්ට භාරදී ඇඟ බේරා ගත්තේ කාර්යාලය පුරා කසුකුසු පැතිර යද්දී ය.

පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment