පරිගණකයේ ඊතලය නැති වී එඩ්වඩ්ගේ හුස්ම හිරවෙලා  

724

මෙය කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි ආයතනයකි.

කාලයක් සමඟ නව තාක්ෂණය මත සියල්ල වෙනස් වී ගිය නිසා වැඩිහිටි අයට පවා ඒ නවීන තාක්ෂණික මෙවලම් භාවිත කරන හැටි ඉගෙන ගැනීමට සිදුවිය.

පරිගණක භාවිතයට පැමිණි පසු මේ කොයි කවුරුත් පෑනත්, කඩදාසිත්, ෆයිල් කවරත් ඈත්කර දමා පරිගණකයෙන් සියලූ කටයුතු කරන්නට ගත්තේ ඔය අතරය.

එඩ්වඩ් මේ ආයතනයට බැඳුනේ මීට කලකට පෙරාතුවය. පාසල් අධ්‍යාපනයට සමුදුන් ඔහුට වයස අවුරුදු දහනවයේදීම කාර්යාල කාර්ය සහායකයකු ලෙස රැකියාව ලැබුණේ වාසනාවටය.

ආයතනයේ ප‍්‍රධානීන්ගේ ප‍්‍රසාදය දිනාගත් ඔහු වැඩිකල් නොගොස්ම ලිපිකරුවකු ලෙස උසස්වීම් ලබා ගත්තේ ද කලකට ඉහතය.

පරිගණක තාක්ෂණය නම් එඩ්වඩ්ට අරහන්ය. මොන තරම් උත්සාහ ගත්තත් පරිගණකයෙන් වැඩ කිරීමට ඔහුට නොහැකි විය.

මේ අතරතුර ඔහු මිතුරන්ගෙන් උදව් ගෙන පරිගණකය අතපත ගාන්නට ගත්තේ කෙලෙස හෝ එය පරිහරණය කරන ආකාරය ඉගෙන ගත යුතු බව තේරුම් ගොස් තිබූ නිසාය.

හංසමාලී…හංසමාලී, එඩ්වඩ් කෑ ගැසුවේ බය භිරාන්ත වෙලාය.

‘‘මොකද මොකද එඩ්වඩ් අංකල්’’ සතෙක්වත් කෑව දැයි ඇය ඇසුවේ එඩ්වඩ් ළඟට පිම්මේ එමෙනි.

‘‘අනේ හංසමාලී මිස් මේකේ ඊතලේ නැතුව

ගියානේ’’ එඩ්වඩ් කීවේ පරිගණකයේ ස්කීන් එක පෙන්වමිනි.

බය වෙන්න එපා එඩ්වඩ් අංකල් මේ තියෙන්නේ ඊතලේ. ඇය ‘මවුස්’ එක හොල්ලා ඊතලය පෙන්වූ පසු එඩ්වඩ් ඉහළට ගත් හුස්ම පොද පහළට හෙළුවේ අම්මෝ මම බය වුණ තරමක් කියමිනි.

‘‘පේ‍්‍රම්’’

advertistmentadvertistment
advertistmentadvertistment