පරිගණක දෝෂය දැන් හරි: පාස්පෝට් නිකුත් කිරීම 18 තෙක් ප්‍රමාදයි

96

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී ඇති වූ පරිගණක දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබුණත් ලබන සෙනසුරාදා (18 වැනිදා) තෙක් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී ප්‍රමාදයක් සිදුවන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව කියා සිටී.

එහිදී කලින් දින නියමකරගෙන සිටින අය අදාළ දිනයට නොව දිනක් පසු වී පැමිණිය යුතු බවද දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

අදාළ පරිගණක දෝෂය ඊයේ (14 වැනිදා) වනවිට සාමාන්‍ය අතට පත්කර තිබූ මුත් පෙරේදා (13වැනිදා) ඇති වූ තදබදය ඉදිරි දිනවලත් ඇතිවනු ඇතැයි නිලධාරීහු කියා සිටිති.

එනිසා දින වෙන් කරවා ගෙන සිටින අය නියමිත දිනට පසුදින පැමිණෙන ලෙසද ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉල්ලයි.

සීමිත විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් කර ඇත්තේ හදිසි හා අත්‍යවශ්‍ය අයට පමණි. මෙනිසා විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි බොහෝ පිරිසක් හිස් අතින්ම ආපසු පිටත්ව ගොස් ඇති අතර ඇතැමුන් කලහකාරී ලෙස හැසිරී ගුටි බැට හුවමාරුවල පැටලී ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment