පරිගණක හාන්සියි

287

පරිගණකවල මිල ඉහළ යෑම සහ ඒවායෙහි අමතර කොටස් හිඟ වීම හේතුවෙන් ඉදිරියේදී පරිගණක සේවාවන් පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි එක්සත් සමාජ සංවිධානයේ සභාපති පුලස්ති වන්නිආරච්චි මහතා සඳහන් කළේය.

මේ වනවිට පරිගණක මිල ඉතා ඉහළ ගොස් ඇති බවත් වසර දෙකකට ඉහතදී රුපියල් ලක්‍ෂයක මිලකට තිබූ පරිගණකයක් මේ වනවිට රුපියල් ලක්‍ෂ තුනක් හතරක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

පරිගණක ක්‍ෂේත්‍රයේ රටට ඩොලර් උපයන විශාල පිරිසක් සිටින බවත් මෙම තත්ත්වය ඔවුන්ට දැඩි ලෙස බලපා තිබෙන බවත් හෙතෙම කියා සිටියේය.

පරිගණක මිල ඉහළයෑමත් ඒවායෙහි අමතර කොටස් හිඟවීමත් නිසා පරිගණක අලෙවි කෙරෙන ප්‍රධාන පෙළේ වෙළෙඳ සල්ද වැසී යන තත්ත්වයට පත්ව තිබෙන බව ද වන්නිආරච්චි මහතා සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව මගින් පවත්වන ලද මාධ්‍ය හමුවට සහභාගි වෙමින් වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment