පරිණත ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් යන්නේ නෑ

439

ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන සෙසු පක්‍ෂවල යුතුකම වන්නේ ආණ්ඩුවේ තිබෙන ප‍්‍රශ්න අභ්‍යන්තරව සාකච්ඡා මගින් විසඳාගැනීම මිස ඒවා එළියට ගොස් ප‍්‍රසිද්ධියේ විවේචනය කිරීම නොවේ යැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ට පැවසීය.

ඕනෑම ආණ්ඩුවක් තුළ සිටින අය අතර යම් යම් මතවාද තිබීම සාමාන්‍ය තත්ත්වයක් යැයි ද ඒවා සාකච්ඡුා කර විසඳාගත යුතු බව ද අගමැතිවරයා සඳහන් කළේය.

මීට පෙරාතුව සමගි ආණ්ඩු හා පක්‍ෂ කිහිපයක් එකතු වී රට පාලනය කර ඇතැයි ද ඒ කාලයේ වුවද ඒ ආණ්ඩුවල සෙසු පක්‍ෂවලට යම් යම් කාරණාවලදී පරස්පර අදහස් තිබූ බව ද මහින්ද රාජපක්‍ෂ මහතා කීවේය.

දේශපාලන පරිණතභාවය සහිත ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව නොයන බව සහතික කළ හැකි බව ද ‘‘දිවයින’’ කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේය. එනිසා ආණ්ඩුවේ අඩුපාඩු, වැරදි තිබේ නම් ආණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡුා කර එකඟතාවන් ඇතිකර ගන්නේ නම් මෙවැනි අනවශ්‍ය ප‍්‍රශ්න ඇති නොවන බව අගමැතිවරයා පැවසීය.

නෝමන් පලිහවඩන
 

advertistmentadvertistment
advertistmentadvertistment