පරිප්පු සීනි ඇතුළු භාණ්ඩ 5ක ලක් සතොස මිල පහළට

224

පරිප්පු, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 05ක මිල පහත දැමීමට ලක් සතොස ඊයේ (09 දා) සිට පියවර ගෙන ඇත.

මේ අනුව පරිප්පු රුපියල් 460 සිට 429 දක්වා රුපියල් 31ක්, සුදු සීනි රුපියල් 298 සිට රුපියල් 279 දක්වා රුපියලප් 19ක්, හාල්මැස්සන් රුපියල් 1375 සිට රුපියල් 1350 දක්වා රුපියල් 25ක් ආනයනික සුදුනාඩු රුපියල් 195 සිට රුපියල 185 දක්වා රුපියල් 10ක්, ආනයනික රතුනාඩු රුපියල් 198 සිට රුපියල් 194 දක්වා රුපියල් 4ක් ලෙස අඩුක බව ලක් සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පැවසීය.

අත්‍යවශ්‍ය නොවන සුදුලූනු රුපියල් 750 සිට රුපියල් 595 දක්වා රුපියල් 155ක්ද, වටානා රුපියල් 375 සිට රුපියල් 315 දක්වා රුපියල් 60ක්ද අඩු කළ බවද ඒ මහතා කීය. මීට අමතරව වෙළඳපොළේ රුපියල් 390ත් 400ත් වන පාන් පිටි කිලෝව නුවරඑළිය, බදුල්ල, මහනුවර දිස්ත්‍රික්කවල ජනතාවට කිලෝවක් රුපියල් 310 බැගින් ලක් සතොස මගින් මිලදී ගැනීමේ අවස්ථාව පවතින බවද සභාපතිවරයා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment