පරිපූර්ණ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසඳුම් සමගින් ව්‍යාපාර වර්ධනයට SLT-MOBITEL ‘BizLife’ හඳුන්වා දෙයි

68

මෙරට ඕනෑම වාණිජ ව්‍යාපාරයක සේවා පදනම සම්පාදනය කිරීම සඳහා කීර්තිමත් නාමයකට හිමිකම් කියන ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක, SLT-MOBITEL ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය වර්ධනය සඳහා නවතම BizLif සේවාව හඳුන්වා දී ඇත.

Voice සහ Data විසඳුම් එකම පැකේජයකින් ලබා ගැනීමට අපේක්ෂා කරන ව්‍යාපාර සඳහා මනා විකල්පයක් ලෙස හඳුන්වා දී ඇති BizLife සේවාව, පිරිවැය කාර්යක්ෂම විසඳුම් භාවිත කරමින්, ශීඝ්‍රයෙන් වර්ධනයවන ඩිජිටල් ආර්ථිකයට ප්‍රවේශ වීමේ සහ තිරසර වර්ධනයක් අත්කර ගැනීමේ අවස්ථාව ව්‍යවසායකයින් හට ලබා දෙයි.

SLT-MOBITEL Enterprise සතු අසමසම තාක්ෂණය, සම්පත් සහ විශ්වසනීය සේවා මත පදනම්ව හඳුන්වා දී ඇති BizLife විසඳුම BizLife Mini” BizLife Mini Flash” BizLife Advance සහ BizLife Advance Flash ලෙස පැකේජ හතරකින් ලබාගත හැකි වීම ද විශේෂත්වයකි.

advertistmentadvertistment
advertistmentadvertistment